Wednesday, April 24, 2024
Follow Us
ලස්සන ආදරය

ඇයි මට මෙහෙම වද දෙන්නෙ?
දැන් උඹට එන්න බැරිද? දන්නවනේ උඹගෙ ඇඳුම් නැති මං එක්ක හිටපු ඔක්කොම පොටෝ යවනවා හැමෝටම.


ඇයි මට මෙහෙම කරන්නේ ආදරෙ නිසා ඔයත් එක්ක මම ආවේ ඒ හැමදේම දුන්න විශ්වාසයට ඔයා ඇයි මට මෙහෙම කරන්නේ.
පණ්ඩිතකම් වැඩක් නෑ හෙට කොළඹ එනවා.
කසුනි සල්ලි තියෙන පවුලක ඉගෙනගන්න කෙල්ලෙක් සදුන් නේවි ඔෆිසර් කෙනෙක්. සදුන් බැඳලා කියලා දැනගෙන කසුනි සදුන් ගෙන් අයින් වෙනවා. කසුනිට වෙන්න ඕන හැම දේම වෙලා තිබුණේ. සදුන් ළඟ එයාගෙ ෆොටෝස් ගොඩක් තිබ්බා ඒ දේවල්වලින් කසුනි ගෙන් චින්තකට ඕනේ දේවල් ගත්තා...
අද අලුත් සෙට් එකක් කැම්පස් එකට එනවා ඔයාලා එයාලට උදව් කරන්න ඕනේ. තේරුණාද?
තේරුණා සර්.
හරි කසුනි ඔයා යන්න ගයාන් ලඟට අර පිරිමි ළමයා ලඟට ඔයා එයාට හැමදේම කියලා දීලා උදව් කරන්න ඕනේ.
හරි සර්.
කසුනි ගයාන් දැක්ක ගමන්ම හිතේ ආදරයක් ඇතිවුණා ඒ උනාට ඒ කිසිදෙයක් කියන්න ගියෙ නෑ එයා ඉන්නේ ලොකු ප්‍රශ්නෙක නිසා. ගයාන් කසුනිට වඩා අවුරුදු තුනක් බාලයි.
හෙලෝ මම කසුනි
මම ගයාන්
ඔයාට ඕනම උදව්වක් මගෙන් ඉල්ලන්න ගයාන් මම ඔයාට උදව් කරන්නම්.
හරි තෑන්ක්යූ
දෙන්නා හොඳ යාළුවෝ වුණා. ගයාන්ට ලොකු ප්‍රශ්නයක් වුණා කසුනි ගේ මේ කොළඹ ගමන
කසුනි ඔයා ඇයි කොළඹ යන්නෙ
ඒ දේවල් අහන්න එපා
අපි අතර රහස් නෑනේ
ඒ උනාට
please
බෑ මට කියන්නම ඕන
මේ දෙවල් දැනගත්තාම ඔයා මං එක්ක කතා කරන එකක් නෑ
එහෙම වෙන්නේ නෑ බය නැතුව කියන්න.
කසුනි හැමදේම අකුරක් නෑරම කිව්වා.
ඔයා බයවෙන්න එපා යන්න එපා ආයිත් කෝල් කරාම කියන්න මම පොලිසියට යනවා ඔයාගේ ජොබ් එක වුණත් මට නැති කරන්න පුළුවන් කියලා කියන්න බයවෙන්න එපා.
කියනකොටම ආයිත් මේ එනවා කෝල් එකක්.
ආන්සර් කරන්න
හෙලෝ
එන්නේ නැද්ද
බැහැ එන්නෙ නෑ
එහෙමද කියන්නෙ එහෙනම් බලපන්කෝ
මොනව කරන්නද මට මම යනවා පොලිසිය ඔයාලගේ head office එකටත් මේ හැමදේම කියනවා එතකොට මේ හැමදේම විසඳෙනවා
හරි එන්න ඕනි නෑ. ඒත් මේ ෆොටෝ හැමදාම මගෙ ළඟ තියේවි.
තියාගන්නවා හලෝ බුදු සරණයි.
මොකද කිව්වේ එයා
ෆොටෝ එයාලගේ හැමදාම තියාගන්නවා කිව්වේ.
බය නැතුව ඉන්නකො ප්‍රශ්නය ඉවරයිනෙ දැන්
.
ඉස්සරහට මොනවා වෙයිද දන්නෑ
බය නැතුව ඉන්න මම ඉන්නවනේ ඔයත් එක්ක.
දවසක් කසුනිට අසනීප වෙනවා මේ වෙලාවේ එයාගේ අම්මයි තාත්තයි දෙන්නා හිටියේ රට ගිහිල්ලා.
ගයන් මට ගොඩක් අමාරුයි
ඇයි කසුනි ඉන්න මම ඉක්මනට එන්නම්
ගයන් කසුනි ව ්‍රයිවට් හොස්පිටල් එකක ඇඩ්මිට් කරා. කසුනි ළඟ හැමදාම හිටියා දවසක් රෑ.
කසුනි මම ඔයාගෙන් එදා ආපු දේ ආයිත් අහනවා
මොකක්ද
මම ඔයාට ආදරෙයි ඔයා තාමත් මට කැමැති නැද්ද?
ගයන් අහපු දේට කසුනි ට එදා බෑ කියන්න හිත දුන්නේ නෑ.
ආදරෙයි ගොඩක් ආදරෙයි මහත්තයෝ.
එදා ඉඳන් මේ දෙන්නගේ ආදර කතාව ගොඩක් ලස්සනට ගෙවිලා ගියා ඒත්...
දුවේ කීයටවත් අපි මේ කසාදෙට කැමති නෑ.
අම්මේ
වචනයක්වත් කතා කරන්න එපා.
පුතේ අපි කැමති නැහැ ආයේ ඒ ගැන අහන්න එපා.
ගෙවල් දෙකේම මේ සම්බන්ධයට ලැබුණේ ේ වගේ ප්‍රතිචාර තමයි . බැරිම තැන කසුනි ගයන් ගෙන් ඈත්වෙලා හිටියා ගයන් මේ දුක දරාගන්න බැරි වුණා එයා ගෙදරින් ගියා.
දුවේ මගේ පුතාව කොහොමහරි ගෙනල්ලා දෙන්න එයා ගියා.
කොහෙද අම්මේ එයා ඉන්නේ
දන්නෙ නැ දුවේ.
හරි අම්මෙ මම කතා කරන්නම්
ගයන් කොහෙද ඉන්නේ
දුරක
කොහේ හිටියත් කමක් නෑ දැන්ම ගෙදර යන්න
හරි සුදුනොනා යන්නම්
අපිට සමාවෙන්න ඔය දෙන්නා වෙන් කරන්න හැදුවත් ඒක කරන්න බැරි වුණා.
අපි අපිට ගොඩක් ආදරෙයි තාත්තා.
ඒක අපි දැනගත්තා අපේ ආශිර්වාදය ඔයාලට දැන් තියෙනවා
ඔය ඇත්තමද තාත්තේ
ඇත්තම තමයි පුතේ.
.
දෙන්නගෙ ආදරේ ශක්තිමත් බවට ද කොහෙද ගෙවල් දෙකේ ආශිර්වාද ලැබුණා..
ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් මේ දෙන්නගෙ ආදරය අඩුවක් වුණේ නෑ අද මේ දෙන්න බැඳලා ගොඩක් සතුටින් ජීවත් වෙනවා.... ගයන් කසුනිගෙ තාත්තගෙ බිස්නස් වලට උදව් වෙනවා.
ආදරෙ නම් එක හිතින් කිසිම දෙයකට නවත්තන්න බෑ.

- Asanka Dinushan