මා මගේම රුව දෙස ඉහල අහසේ සිට බලන් සිටියෙමි.මාගේ දියනිය මාගේ නිසල සිරුර බදාගෙන හඩා වැටෙයි.මට මේ ලොව වුන් වටිනාම වස්තුව වූ ඇයවද හඩවා දිවි ගමනට සමු දෙන්නට වුනෙමි.හඩන්නටද හිනහෙන්නටද නොහැකි මා මාගේ දියනිය දෙස බලා උන්නෙමි.
මීට දින තුනකට පෙරතුව ඇයගේම අතින් දිවි ගමනට සමු දෙන්නට මට සිදු විය.දමා යන්නට නොව තත්පරයකටවත් ඒ මලක් වන් දියනිය දමා යන්නට මට උවමනා නොවුනද මා අතින් වූ වරදක් නොවුනද මම දිවි ගමනට සමු දුනිමි.
ඒ දිනයේ මා දියනියගේ පාසල් වැඩ වලටද උදව් කරමින්
රාත්
රී ආහාරය සකසමින් සිටියෙමි.ඈතින් ඇසුනු මංජුල ගේ කටහඩින් මම මෙන්ම දියනියද තැති ගත්තේය.
"දූ යන්න කාමරේට තාත්තා අදත් බීලද කොහෙද"
කුඩා ඇස් ලොකු කරමින් ඇය බියපත්ව මදෙස බැලුවාය.
"අම්මට අදත් ගහයිද"
ඇය ඇසුවේ හඩමිනි.මම ඇයගේ හිස පිරි මැද්දෙමි.
"දූ යන්න මැනික.තාත්තා අද ගහන්නේ නෑ.කෝ හොද දූනේ.යන්න"
ඇය ගියාය.යන අතරෙත් මදෙස හැරි හැරී බලමින් හෙමි හෙමින් යන්න ගියාය.
"සදුනී,සදුනී"
මංජුල කුස්සියට එබුනි.
"කෝ කෙල්ල"කාමරේ පාඩම් කරනවා මංජුල"
මුලුතැන්ගෙට පැමිනි ඔහු දුව මේසය මත දමා ගොස් තිබූ පොත අතට ගත්තේය.
"මෙතන ඉදන් පාඩම් කරලා මම එද්දි කාමරේට යැව්වා නේද උබ කෙල්ලව"
මම ඔහු දෙස බැලුවෙමි.වෙරි මතට ඒ දෑස් රත් පැහැයට හැරී තිබුනි
"පිස්සුද මංජු.මම මොකටද එහෙම කරන්නේ"
"පිස්සු,කාටද බැල්ලියේ පිස්සු.හිගන බැල්ලි.බලෙන් එල්ලිලා මගේ කරේ
වෙනදා මෙන්ම මාගේ නැති වැරදි ඇද ගත් ඔහු මට තිරිසනෙකුට මෙන් තැලුවේය.අඩන්නට නොව මුවින් ඉකියක්වත් මා පිට නොකලෙමි.ඒ දියනියට ඇසේ යැයි බියෙනි.ඇය හඩනා විටදි මා දෑස්ද තෙත් වෙයි.ඇය සිනා සෙන විට මා සියලු දුක් ගිනි දරා ගෙන සිනා සෙමි.ඒ මා කදුලු වෙනුවෙන් ඒ දෑස් තෙත් වෙනු බැලීමට නොහැකි නිසා මය.
"උබේ ලොකු කම.මේ කටෙන් ලේ හැලෙනෝ.ඒත් කදුලු බිදක් නෑ.හිටපිය තොට"
නොසිතූ මොහොතක මා හිසට මංජුල හිරමන පහරක් එල්ල කලේය.හිස් කබලේ පිටුපසට හිරමන තලය කිදා බසින විටදිත් මා මුවින් හඩක් නොනැගුවෙමි.ඉතින් මොහොතකින් මාගේ ශරීරයෙන් මා මෑ මෑත් වුනෙමි.ඉහල අහසේ රැදුනු මා බලන් උන්නේමි.
"ඒයි සදුනි නැගිටිනවා,කෝ ඕයි ආපහු ගහන්නේ නෑ.නැගිටපන්කෝ බං.දුවේ මෙහේ වරෙන්"
මංජුලගේ විලාපයට දියනිය දුවගෙන ආවේ වේගයෙනි.
"අනේ අම්මේ.තාත්තේ අම්මට මොකද වුනේ"
"හිරමනේ උඩට වැටුනා බං"
"බොරු...බොරු..අම්මට තාත්තා ගැහුවා නේද...අනේ මගේ අම්මේ"
"පිස්සුද උබට.අම්මා ලිස්සලා වැටුනා"
දියනිය මාගේ සීතල මුහුන අත ගාමින් හඩනා දෙස මා බලන් උනිමි.අඩන්න එපා යැයි කියන්නට උවමනා වුවද කෙසේ කියමිද..සියලු දේ ඉවර විය.දියනියගේ කට උත්තරය මැද සියලු දෙයින් නිදොස් වූ මංජුල සුපුරුදු ලෙස බීමතට ලොල් විය.තුන් මසකින් පමන පසු කවුදෝ ගැහැනියක්ද නිවසට ඔහු කැන්දන් ආවේය.මම බලන් උනිමි.දොලොස් වියැති මා දියනිය නිවසේ මෙහෙකාරිය විය.මංජුල කැන්දන් ආ ගැහැනියගේ සියලු වැඩ ඒ සියුමැලි අත් වලින් සිදු විය.
"මගේ අම්මා හිටියනම් කවදාවත් මට මෙහෙම වෙන්න දෙන්නේ නෑ"
ඇය නිතරම මුමුනමින් පවසති.
ඇය පාසල් ඇරී ආ දිනක නිවස ඉදිරිපිට නවතා තිබුනේ කලු පැහැති මෝටර් රථයකි.මමද දියනිය පස්සෙන්ම ගියෙමි.නිවසේ සාලයේ උන්නේ මාගේ එකම සහෝදරයයි.ඔහු සිටියේ මත් වී බව මා දුටු පමනින් තේරුම් ගතිමි.
"අක්කා නැති අඩුව මෙයා දූට දැනෙන්න දෙන්නේ නෑ මල්ලි.දූ නිසාමයි මෙයාව බැන්දේ මම"
තවත් කසාදයක් කර ගැනීම සම්බන්දයෙන් මංජුල මල්ලීට නිදොසට කරුනු දක්වයි.මාමා දෙස බැලූ දියනිය කිසිත් නොකියා නිහඩව කාමරය දෙසට ගියාය.ඇද වුන් ගවුම උනා දමා තුවාය වත දවටා ගත් දියනියගේ දෑස් කදුලින් තෙත් වෙනවා දුටු මුත් අසරන මා බලන් ඉන්නවා හැරෙන්නට කුමක් කරන්නද...කාමරයේ දොර රෙද්ද සෙලවෙනවා දුටු මා පාවෙමින් එදෙසට ගියෙමි.මා කවදාවත්ම නොසිතූ ලෙසට මාගේම සොයුරා ඔහුගේ අක්කාගේ දියනියගේ අඩ නිරුවත රස විදියි.මොහොතකින් කාමරයට ගිය ඔහු දියනිය ඇමතුවේය.මේ කිසිදු දේක තේරුමක් නොමැති ඇය සොයුරා දෙස බැලුවේය.
"ඇග හේදුවද"
"නෑ මාමේ.හෝදන්න හැදුවේ"
ඔහු ඇද මත ඉද ගනිමින් දියනියවද ලගට ගත්තාය.කලකින් දැනෙනා සෙනෙහෙබර උනුසුමට නතු වූ ඇය ඔහු ලගින් ඉද ගත්තාය.
"දූට පුංචි අම්මා වෙනස් කම් කරනවද?
කිසිත් නොකියූ දියනිය නිහඩය.ඇගේ නිරුවත් පිට හරහා අත යැවූ මා සොයුරා ඇයව ලගට ලං කර ගත්තේය.ඒ අත් දියනියටද නොදැනෙන්නට ඇයගේ ලැම හරහා යැව්වේය.එහි අල්ලන්නට කිසිත් නැත.මා මිය යන්නට මාස හයකට පෙරාතුව ලොකු ලමයෙක් වූ ඇය තාමත් පීදිගෙන එනා මල් පොහොට්ටුවකි.එම පොහොට්ටුව තලා පෙලා දමන්නට හදන්නේ ඇයව රකින්නට කෙනෙක් නොමැති නිසාමය.මා දැන් ආත්මයක් පමනි.ඔහු මරා දමන්නට සිතුනද කෙලෙස කරන්නද...
මා ජීවත්ව සිටිනා කල කිසිදු පවක් නොකලෙමි.එම පින් බලෙන් මා හට මාගේ දියනිය රැක ගන්නට අවස්තාවක් දෙන ලෙස ඉල්ලා දෙවියන්ට යැද්දෙමි.අවසන මට මා පෙනුනි.දෙවියන්ට නැවත වරක් පිං දුන් මා මාමා වෙසින් දූගේ ආත්මය උරා බොන්නට හදනා තිරිසනා දෙසට හැරුනි.
"දූ ඔයා යමු මං එක්ක.නැන්දායි ආච්චියි ඉන්නවනේ.මම ඔයාට ඕන හැම දේම දෙන්නම්.ටෝයිස්,ඇදුම්,පෝන් එකක් එහෙමත් අරන් දෙන්නම්.හොදද?
එලෙස පවසමින් දියනියගේ කෙටි තුවා පොට අතරින් අත යවමින් ඇගේ නොකිලිටි නැවුම් වත පිරි මදින්නට යන ඔහුව මා ඇද බෙල්ලෙන් අල්ලා ඉහල අහසට ඔසවා ගතිමි.ඒ දසුනින් බියට පත් දියනිය කෑ ගැසුවේය.දෙපාරක් ඔහුව ඔසව ඔසවා පොලොවට අත හරිද්දී ඔහුගේ විලාපයට කාමරයට දුවගෙන ආවේ මංජුල හා ඔහු හා ජීවත් වූ ස්ත්රියයි.
"මොකද මල්ලි කෑ ගහන්නේ"
ඒ වනවිටත් ලේ පෙරමින් උන් සොයුරා බියට පත්ව කෑ ගැසුවේය.
"අක්කා....අක්කා ඉන්නවා මේ කාමරේ.මාව මරන්න හදන්නේ.ඒකි ඇරෙන්න මෙහෙම කරන්නේ නෑ කවුරුත්"
ඔහු පැන කාමරෙන් දිව්වේය.මමද හබා ගියෙමි නැත.ජීවිතයක් අවසන් කර මට පව් පුරවා ගැනීමට ඇවැසි නැත.මා ආපසු හැරුනෙමි.දියනියගේ කෙස් වැටියෙන් අල්ලන් උනේනේ අර ගැහැනියයි.මා ඇයගේ කම්මුලට වැරෙන් පහරක් එල්ල කලෙමි.ඇයද විසික් වී ගියේය.
ඇයවද දමා මංජුල පැන ගත්තේය.ඉන් පසු දියනියට වූ වෙනස් කම් වල අඩුවක් වූ අතර පියා හා පුංචි අම්මා ඇයව මග හැරියාය.
මම රාත්රීයේ මගේ දියනිය අසලින් ඉද ගත්තෙමි.ඇයට මා පෙනෙන ලෙස ආවෙමි.ඇය දෑස් විසල් කරමින් මදෙස බැලුවේය.
"බය වෙන්න එපා දූ.මං ඔයාට කරදරයක් කරන්නේ නෑ"
ඇය හඩමින් මා ලයේ හිස රුවා ගත්තේය.
"ඇයි මගේ අම්මේ මාව දාලා ගියේ.පුංචි අම්මා මට වෙනස් කම් කරනවා.ගහනවා.තාත්තත් එහෙමයි.කන්නවත් නෑ අම්මේ."
හඩමින් කියනා ඇගේ හිස පිරි මැද්දෙමි
"දූ හොදට ඉගෙන ගන්න.අම්මා ලගම ඉන්නවා කියලා හිතන්න.එයාලා ආපහු ගහන්නේ නෑ ඔයාට.අනික ඇදුම් මාරු කරද්දි අර දොර වහන්න.කවදාවත් ඔයා ඇදුම් වලින් වහන් ඉන්න තැන් කාටවත් ඔයාගේ තාත්තටවත් අල්ලන්න දෙන්න එපා.චරිතවත් වෙන්න.මගේ දූට අම්මා ඉන්නවා කවුරු නැතත්.ඔයාගේ ඇග අත ගගා කතා කරන කවුරුත් ඔයාට ආදරේ නෑ.ඔයාගේ ඇගටයි ආදරේ.තේරුනාද මගේ දූට"
සෙනෙහසින් මා ඇයව සිප ගත්තෙමි.වෙනදා මෙන්ම තුරුල් කරගෙන නැලවිලි ගී කිව්වෙමි.කාමරයට වී අප දෙදෙනා සෙල්ලම් කලෙමි.දියනිය ටික ටික මලක් මෙන් පිපී ආවේය.
කාලය ගෙවුනි.දැන් දියනියට වසර විසි පහකි.අද දින ඇය විවාහ දිවියට පත් වෙයි.මනමාලියක ලෙස සැරසෙනා ඇය දෙස මා බලන් උන්නෙමි.ඇයගේ ලග මා අද ජීවමානව නැති වුවද මෙලෙස හෝ ඉන්නට මා පිං කලෙමි
දියනිය සැරසී අවසන මා ඇය ලගින් හිද ගත්තෙමි.
"දූ මම දැන් යන්නම්.ඔයාට දැන් ඔයා ආරක්ෂා කරන්න කෙනෙක් ඉන්නවා.මගේ දූ ඔයා මගේ පන.මට ඔයා දාලා යන්නම වෙනවා"
දියනියගේ දෑස් කදුලින් බර විය.
"අම්මා ඔයා ජීවත් වෙලා ඉද්දිත් මාව රැක්කා.මැරුනමත් ලගට වෙලා මාව රැක ගත්තා.අම්මේ මටත් ඔයාව රැක ගන්න දෙන්න.මගේ චූටි දූ වෙලා මගේ බඩට එන්න."
එපමනි.දියනියගේ චූටි දියනිය වී ඇයගේ මංගල දිනයේ මේ ආදරනීය අම්මා දියනියගේ කුසට අලුත් උපතක් වෙනුවෙන් ඇතුල් වුනා
දස මසකට පසු දියනියගේ වදනින්.
"හැමෝම කියනවා හනිමූන් බබෙක්ලු"
සැමියා පවසද්දි මා තුරුලේ කිරි බොමින් වුන් සිගිති දියනිය මා සෙනෙහසින් සිප ගත්තා.ඒ තොල්,ඇස්,කම්මුලේ රැදි උපන් ලපය මගේ මවම බව මට සහතික කරා.
"මරනෙන් මතුත් මාව රැක්ක මගේ අම්මා.අද මගේ දූ වෙලා ඇවිත්.අම්මා මාව රැක ගත්තා වගේම මම අම්මව රකිනවා අම්මේ
මා එලෙස මුමුනමින් දියනියට පවසද්දි ඇය ඇසි පිය සැලුවේ හෙමින්.මා සුරත ඒ චූටි ඇගිලි වලින් තදින් අල්වා ගනිමින්.
නුඹ මට සදකි
එලිය කර සිතම සැනසූ
නුබ පිරිතකි
බන පදයක් වී සිතම
සැනසූ
රාජිනිය නුබ
මවක් කරමින් මා
නුබ ලොවේ කිරුල පැලදූ
සෙනෙහසට අරුතකී නුබ
මා ජීවයට අරුත ගෙන දුන්
නෙතුලි