Friday, April 19, 2024
Follow Us
මතක සමග ජීවිතය
ආදරය මායාවක් ද මනංකල්පිත දෙයක් ද කියා මම දන්නේ නැහැ. මම එයාව දුටු දවසම මගේ හිතට දැනුනේ මම මායා ලොකේක අතරමං උනු බවක්. එයාගේ අහිංසක ඇස්දෙක, ප්රියමනාප හිනාව, හිනාවෙන කොට වැල ගැහෙන කම්බුල් දෙක දිව්යංගනාවන් වැනිය ඇය. එයා තනිකර ඇවිදින කවියක් සමානය.

 මම පාසල් කාලය අවසන් කර ඉක්මනින් රැකියාවක් සදහා යොමු උනේ පවුලේ තිබු ආර්ථිකය නිසාය. තාත්තගේ මිය යාමත් සමග මගේ මවට පවුලේ බර කරට ගන්න සිදුවිය. නංගිලා දෙන්නාගේ ඉගෙනිමේ කටයුතු සදහා මවට තනියම වියදම් දැරිමට අපහසු නිසාත් මම රැකියාවක් සදහා යොමු විය. මම වැඩකලේ කාර්ගීල්ස් ආයතනයක. මට ලැබුණු රාජකාරිය මට පුලුවන් උපරිමයෙන් කරමින් හොද නමක් හදාගෙන තිබුණා අයතනය තුල. මෙහම කලක් යනවිට මම ඒ දිව්යංගනාව දැක්කා. වැඩට ආපු පළවෙනි දවස, තාමත් මතකයන් තුල තුඩුදෙන එයාව දැකපු දවස. එයාව දැකපු ගමන් මම එතනම ගල් ගැහි එයා දෙස බලාගෙන සිටියා.

එයා එදා ඇදගෙන ආවේ සාරියක්, එය එයාව තවත් ලස්සනට පෙනුණි. කවදවත් දැකපු නැති එයාව දැකපු ගමන් මගේ හදවත මොහොතකට නතර වීය. මම ඇය දෙසබලා ඉන්න අපුරුව එයා දැක මට විරිත්තා ඇය මුණ බිම බලා ගත්තා. කවදාවත් ආදරයක් ගැන නොහිතපු මම එයාට ආදරෙන් බැදිලද යන්න මට සිතුණි. පලවෙනි බැල්මෙන් ආදරයක් හටගන්නා බව ෆිල්ම්වල දැක තිබ්බත් මා හට එය පළවෙනි ඇත්දැකිමෙන්ම විදගැනිමට හැකිවිය. එයාට රාජකාරිය වැටුනේ මගේ අංශයේ විමත් සතුටට කරුණක් විය. මම වෙනදාට වඩා වැඩි උනන්දුවක් ඇතුව වැඩට එන්නත් මගේ හිතේ තිබුනු ලොකු දුක නැති වී යාමටත් එයාගේ පැමිණිම බල පැවේය.
එයාට මුදල් ඇයකැම් රාජකාරිය පැවරුනේ, ඇයගේ අහිංසක හිනාවත්, නිල්වන් ඇස් දෙකත් නිසා මම ඇයට වශිවෙලා සිටියේය. මම ඇය සමග කතා කිරිමට හැකිවුයේ රාජකාරි මට්ටමින් පමණි. මගේ හිතේ තිබුණු කැමැත්ත කීමට අවස්ථාව නොලබිනි. මෙහම කලක් යනවිට ඇයගේ රාජකාරි වේලාවේ ඇයගේ අතින් මුදල් ප්රමාණයක් නැති වී යාම නිසා සර් බැනලා ඇයව රැකියාවෙන් අස් කිරීමට ඉන්න වේලාවක ඇය ගොඩක් බිය වී අඩ අඩ ඉන්න කොට මා එතනට පැමිණ මගේ නංගිගේ අමතර පංති මුදල් ඇයට දී සර් ට මම තමා එම මුදල් රැගෙන ගියේ කියලා ඇගේ රැකියාව බේරා ගැනීමට හැකිවිය. සර් මා හට බැන වැදි ආයේ එවනි සිදුවීමක් උනොත් රස්සාවෙන් අස්කරනවා පවසා නික්ම ගියා. මේ අවස්ථාවේදී ඇයට ලංවීමට මට හැකිවිය. ඇයගේ ගෙදර ගැන ඇයගේ අතිතය මට පැවසිය.
එයාගේ පවුලේ සිටින්නේ ඇයයි මල්ලි තාත්තා පමණී. අම්මාගේ නැති වීමත් සමග එයාගේ පියා මත්පැන් පානය කිරීමට පුරුදු වීමත් සමග මල්ලිගේ ඉගෙනුම් කටයුතු සදහා ඇය පාසල් නොගොස් රැකියාවට පැමිණ ඇත. එයාට ගොඩක් වටින රැකියාව, මා විසින බේරාදුන් නිසා මට ඇගේ යාලුවෙක් වීමට ඉඩ සැලසිනි. නමුත් මම එයාට ගොඩක් ආදරේ කරන බව එයාට පැවසීමට නොහැකි විය.
මෙහම කාලයක් අපි හොද යාළුවෝ වගේ කල් ගෙව්වා. එයාගේ හැමදේම මා හට පැවසීය. මගේ පවුලේ විස්තර පවා ඇය දැන සිටියා. මේය යාලුකමකට එහා බැදීමක් බව මම දැනන් සිටියත් එයා දැනගෙන සිටිනවාද යන්න මා නොදනී. තිබේන යාලුකමත් නැති වී එයා මගෙන් ඇත් වෙයි කියන බියෙන් මම එයාට මගේ හිතේ තිබෙන දේ කීමට නොහැකි විය.
එයාව නොදැක ඉන්න බැරිවිය මට. හැම තප්පරයක් තප්පරයක් ගානේ ඇයව මට සිහිවිය. ඇගේ හිනාව මට මැවිලා පෙන්න ගත්තා. මගේ හිතේ තිබුණු දේ ඇයට පැවසීමට හිතා ගෙන ඇගේ උපන්දිනය දවසේ එයාට පවසනවා කියා හිතා ගත්තා. සතියකට පසු එයාගේ උපන් දිනය පැමිණියා, එයාව පුදුම කිරිම සදහා මම එයාගේ උපන් දිනය මට පුළුවන් උපරිමයෙන් කරලා එයාව පුදුම කලා. එයාව ඇස් දෙක බැදලා මගේ ගෙදර එක්කන් ගිහින් එයා වෙනුවෙන්ම හදපු කේක් එක, බැලුන් වලින් පුරවපු ගෙදර, ලස්සනට සැරසලා එයාව පුදුම කලා.එක දැකලා එයා කිව්වා උපන්දිනයක් මේ විදියට සැමරැවේ මගේ අම්ම ජිවත් වෙලා ඉන්න කාලේ කියලා අඬන්න ගත්තා. සුදු බොලේ මං ඔයාව මගේ පන වගේ බලා ගන්නම් මගේ වෙන්න පුළුවන් ද කියලා මම එයාගෙන් ඇහැව්වා.
සුදු මට ඔයා ගොඩක් ආදරේද කියලා මගෙන් අහන කොට මං ඇගෙර් ඇස්දෙක දිහා බැලුවා ඇගේ ඇස්වල කදුලු ගලනවා මාත් ඇගේ නලල සිපගෙන ඔව් සුදුබොලේ මං ඔයාගේ අම්මා ඔයාව බලා ගත්ත විදියට බලා ගන්න ඔයව ආසකරනවා කිව්වා. එවලේම එයා මගේ පපුවට තුරුලු වෙලා මාව දලා යන්න එපා මැනික ඔයට මම ඔයාට ගොඩක් ආදරේ කරනවා කියලා කිව්වාම මට මුලු ලෝකේම ලැබුණා වගේ දැනුණා මට හයියෙන් කෑ ගහලා ඇයට ආදරේ කියන්න තරම් සතුටක් මට දැනුණා.
මගේ අම්මද මේක දැකලා ගොඩක් සතුටු උනා. මේ කාරණය වැඩකරන තැන අයට කියන්න මට ඔනේ උනත් එයා එකට ඇකමති විය. මමද ඇගේ කීමට එකග විය. අපි ගොඩක් ආදරෙන් හිටියා. එයාද මම ගැන නිවසට කියා තුබුණි . මම ඇයට ගොඩක් ආදරේ කලා එයාගේ හිනාව තමා මගේ එකම සතුට උනේ. එයා සමග නිවාඩු දිනවල ඇවිදින්න ඒ වගේම එයා ආසකරන හැමදේම මම කරා. එයාගේ පියා මැත්පන් පානය කර ඇවිත් සුදු බොලේගේ මුදල් ද රැගෙන යන නිසා එයා ගොඩක් දුකෙන් හිටියේ ඒ හැම වේලාවකම මම එයාගේ ළඟන් ඉදන් එයාව හිනැස්සුවා මගේ මොඩ විහිලු වලින් මොකද මට උනේ කරලා තිබුනේ ඇගේ හිනාව පමණක් නිසා.
මේම කාලය ගෙවුනා එයා දැන් ගොඩක් මට ලංවෙලා, මෙහම ඉන්න ගමන් අපේ සර් වෙන රැකියාවක් වෙත ගියා. ඒ නිසා අලුත් සර් කෙනෙක් ආවා. ඒයා තරැණ කෙනෙක්, කලින් කෙනා වයසක කෙනෙක් අපි දෙන්නා ගැන කාර්යාලයේ දැනගෙන හිටියේ සර් විතරයි. මේ අලුතෙන් ආපු සර් මගේ සුදුබොලේ දිහා ඇහැ ගනවා බලන් ඉන්නවා මට දැනුනා.ඔනේම කෙනෙක් ඇයට වශි වෙනවා ඇගේ ලස්සනට. මම ඒ ගැන අයට පැවසුවත් එයා කිව්වේ සුදු ඔයා තමා මගේ ලොකය වෙන කෙනෙකුට තැනක් නැහැ කියලා.
මට එයා ගැන බයක් දැනුනේ නැහැ මොකද ඇයව මගේ අම්මා වගේ මට දැනුණ නිසා. සුදු බොලේට මම මගේ අම්මගේ තැන දීලා තිබුනේ. සර එයාට ලං වෙනවා වගේ මට තේරුණා ගොඩක් දවස් සර් එයා සමග කතා කරනවා දැකලා තිබුණා. මම සුදු බොලේගෙන් මුකුත් අහන්න ගියේ නැහැ මට එයාව විශ්වාස නිසා. නමුත් දවසක් එයා වැඩ ඉවර වී සර්ගේ කාරය නැගි යනවා දැක්කා ඒ වැස්ස දවසක් නිසා එයාට ගෙදර යාමට මාර්ගයක් නැති නිසා යන්න ඇති කියා සිතුවා.මාත් බසයෙන් එදින රාත්රියේ තේමි තේමි ගෙදර ගිහින් අම්මාගෙන් බැනුම් පවා ඇසුවා. ඉක්මනින් නලා කලා ලැස්ති වෙලා, සුදු බොලේට කතා කිරීමට උත්සහා කලත් එයාගේ දුරකථනය කාර්ය බහුල විය. මම කොච්චර උත්සාහ කලත් ඇයව සම්බන්ධ කර ගන්න බැරිව ගියා. මමත් ගොඩක් දුකින් නින්දට ගියේ සුදු බොලේව ගොඩක් මතක් කරමින්, පසුදින උදෙන්ම මම එයාට කතා කලත්, අද මට වැඩට එන්න වෙන්නෙ සනිප නැහැ කියා මට පැවසුවා. මම එදා වැඩට ගියේ ගොඩක් දුකින් මගේ සිතේ වැඩ කරන්න හිතක් තිබ්බේ නැහැ සුදු බොලේව මතක් උනා. මෙහම කාලය ගෙවෙන කොට එයා මාව මගහරින්න ගත්තා මැසේජ් අඩු උනා, මා එක්ක කතා කරන එක, හම්බ වෙන එක කාර්යාලයෙ දි උනත් මම එක්ක වැඩිය කතා කලේ නැහැ. ඒ නිසා මම හිටියේ ගොඩක් අවුලෙන් මට ලේඩ වෙන්න ගත්තා කන්නේ බොන්නේ නැතිව. මම හොස්පිටල් නැවැත්තුවා. මම සමග හිටියේ මගේ අම්මා පමණි. මම ගොඩක් ඇඩුවා. පිස්සු වගේ තනියම කියවන්න ගත්තා ඒ මගේ සුදු බොලේ මාව බලන්න වත් මට කොහොමද කියලා අහන්නවත් ආවේ නැති නිසා. මාව අම්මා හොස්පිටල් එක්කන් ආවා. පිස්සන් කොටුවට දොස්තර මහත්තායා දාන්න හදන කොටම. මං ඇව්ත් වගම ගියේ සුදු බොලේව බලන්න ගෙදර යන කොට අපේ අලුත් සර් එයාගේ නිවසේ, එයා සමග අතින් අල්ලන් කතා කරගෙන ඉන්නවා එක දැකපු ගමන් පපුව හෝස් ගහලා ගියා. ඇය මහා හයියෙන් හිනා වේවි සර් එක්ක එකට ඉන්නවා දැකලා.
මම සුදු බොලේ කියලා අඩගැව්වත් එලියේ ඉදන් එයා පැමිණියේ නැහැ. මම ඇය ඉන්න තැනට ගියාන එයා බයවෙලා සර් ලගින් ඇතට ගියා. මම එයාගෙන් ඇසුවා ඇයි මාව බලන්න ආවේ නැත්තේ කියලා. එයා පැවසුවා පියාටත් සනිප නැතිව හිටියා එයාව බලා ගත්තා කියලා. එතනට සර් පැමිණ කොහොමද දැන් ඔයාට දැන් හොදද කියලා හැව්වා. මම දැන් හොඳන් කියලා කිව්වා, ඊට පසු සර් මගේ සුදු බොලේගේ අතින් අල්ලන් අපි දෙන්න ලබන මාසේ බදින්න ඉන්නේ කියලා කිව්වා. එක මගේ කනට ඇසුනාම මට මේ මුලු ලොකේම නැති උනා වගේ දැනුණා. මම සුදු බොලේගේ මුණදිහා බැලුවා එයා බිම දිහා බලාගත්තා. මම මැරිලා ගියා නම් හොඳයි කියලා හිතුනා මේ කතාව අහන්න කලින්, මට සර් පැත්තකට කතා කලා මම ගියා සර් කිව්වා ඔයා හොද යාලුවෙක් වගේ ඇයව බලා ගත්තා එයාගේ දුකේදී මට එයා ඔක්කම කිව්වා කියලා. දැන් මම එයා ගැන බලා ගන්නම් ඔයා කරදර වෙන්න එපා කිව්වම, මම මුකුත් නොකියා එතනින් පිටත් වෙන්නම් කියලා හිතුවා.
මම යන්න කලින් සුදු බොලේගේ මුහුණ දිහා බැලුව එයාගේ මුහුණේ තුබුණු අසරණකම දැකලා මං දැන ගත්තා ඇය මාව මග හැරියේ සර් ගැන එයාට කැමැත්තක් ඇති උනා නිසා කියලා.එයා එක මට කලින් කිව්වා නම් මේ තරම් වෙදනාවක් මං විදින්නේ නැහා කියලා මංම හිතා ගෙන, ඇගේ සතුට එය නම් මම එයට ඉඩදීලා එයාගෙන් ඇතට යන්න හිතුනා. එයාට මම ඔයාගේ අනාගතේට සුභ පතනවා සර් එක්ක සතුටෙන් ඉන්න කියලා මම පිටත් උනා. එයා මා වෙත පැමිණ මට සමාවෙන්න රත්තරන් මම අසරණයි කිව්වාම, මගේ හිත රත්වෙලා ගියා. මම එතනින් නික්ම ආවේ ඉක්මනින් එයාව අසරණ කරන්න ඇකමැති නිසත් එයා අඩනවා මට බලන් ඉන්න බැරිම නිසාත් එයාට කියන්න උත්තර නැතිව ගල් ගැහිලා ඉන්නවා බලන්න බැරිම තැන.
මම රස්සාවෙන් අස් වී වෙන තැනක රැකියාවක් සදහා ගියේ එයාව අමතක කරන්න හිතා ගෙන උනත් මට එක කරන්න බැරිඋනා. මට මතක් වෙන්නේම එයාගේ අහිංසක හිනාව. හැමදාම රෑට මං අඩුවා මගේ හිත පොඩ්ඩක් හරි සැනසුවේ මගේ අම්මා. ඊට මාස කිහිපයකට පස්සේ ලස්සන වෙඩින් එකක් එයා ගත්තා, එයා මට ඇඩගැව්වේ නැති උනත් සර් මට ඇඩගැව්වා. මම ආදරේ කරපු කෙනාගේම කසාදයට මම ගිහින් පැත්තකට වෙලා ඉන්න කොට මට මහ කාලකන්නිකමක් දැනුනා. මැරෙන්න පවා හිතුනා. නමුත් ඇගේ අහිංසක හිනාව දැක්කම ඒ ඔක්කම අමතක වෙලා අපි දෙන්න ආදරෙන් හිටපු කාලය මතක් කරන් මම එයාගේ අලුත් ජිවිතයට සුභ පැතුවා.එයා එන්තිමට සර් සමග යනකොට මගේ ඇස්වල කදුලු මම අන්තිම වෙනකල් බලන් හිටියා එයා මට කතා කරයි කියලා අන්තිම වතාවටත් කියලා නමුත් එක හිනයක් පමණක් උනා.
අදටත් මට එයාව අමතක කරන්න බැහැ එයාව දැකපු මුල්ම දවස අදටත් මට මායාවක් වගේ දැනේනවා. අවුරුදු ගානක් ගියා හැමදාම රෑට අඩනවා එයා මගේ උනානම් කියලා,එයා දැන් දරුවෝ දෙන්නෙකුගේ අම්මා කෙනෙක් එයා ගොඩක් සතුටෙන් සර් එක්ක ඉන්නවා, ඒ ගැන හිතලා මමත් සතුටෙන් එයා තාම දන්නේ මම එයාව අමතක කරලා නැහැ කියලා. අදටත් හැමදාම උදෙන්ම එයාගේ මුණ දකින්න එයාට හොරෙන් මම පසුපස යනවා. එයාව අමතක කරන්න බෑ මේ අත්මේට, හිතට දැනෙනෙ ආදරයක් හට ගන්නේ එකපාරයි එය ආත්ම ගානම්ක පවතිනවා. මගේ සුදු බෝලගේ හිනාව හැමදාම මාත් සමග තියේනවා එය තමා මගේ එකම වස්තුව, ආදරය කියන්නේ මැජික් එකක් වගේ කොයි වේලාවේ හටගනිද දන්නේ පළවෙනි බැල්මෙන් ආදරයක් හට ගන්න පුළුවන් එකට මම නිදසුනක්, එයාගේ මතක සමග මගේ ජිවිතට කියන ගඟ ගලාගෙන යයි. ආදරය අමරණීය දෙයක් වේ.