Friday, May 03, 2024
Follow Us
අභිසාරිකාවකට පෙම් කළෙමි

එක්ස්කියුස් මී
කියන්න


මේ බස් එක අනුරාධපුරයට යන්න තව ගොඩක් වෙලා යයි දන්නෑ නේද?
මම හිතන්නේ තව පැයක් විතර යාවි හදිසියක් මොකක්හරි?
නැහැ ගොඩ දවසකින් ගෙදර යන්නේ එයාලව බලන්න ආසයි ඒකයි .
එහෙමද?. නංගි කොළඹ ජොබ් එකක් කරනවද?.. නැත්නම් ඉගෙනගන්නවද?..
ජොබ් එකක් කරනව අයියේ.
මම නම් ඉස්සරහින් බහිනවා ඔයා පරිස්සමට යන්න නංගී බුදු සරණයි
හරි අයියේ බුදු සරණයි.
ගයාෂාන් බස් එකෙන් බැස්සා ට. එයාගෙ හිත නතර වෙලා තිබුනේ ඒ ගෑනු ලමයා ළඟ . මොකද ඒ අහිංසක රූපය එයාගේ හිත පිස්සු වට්ටලා තිබ්බේ.
ශික් අපරාදේ නමවත් අහගන්න බැරි වුණානෙ . මොනව කරන්නද?
කවදා හම්බෙයිද කවුද දන්නෙ ආයිත්
ගයාෂාන් තනියම කියව කියවා ගේ ඇතුලට ගියා
මොනාද පුතේ තනියෙන් කියවන්නේ .
කොළඹ ගියාට පස්සේ අයියගේ මොලේ විකාර වෙලා අම්මේ
අනේ නංගි මේ කටවහන් ඉන්නවා ද
ඔන්න පටන් ගත්ත දෙන්නාගේ රණ්ඩුව. ඇති ඇති දැන් උදෙන්ම එහෙන් ආවද පුතේ ඉඳගන්න මම තේකක් හදා ගන්නම්
ඔව් අම්මෙ පාන්දර බස් එකේ ආවෙ.
ඒ අයියේ මොනාද මට ගෙනාවේ කියනවා කෝ.
ආ ......
දැම් මට මොලේ විකාරයි කිව්වා නේද?
මොකටද දන්නෑ මං ගෙනාපුවා
අපෝ මොකක්ද හලෝ
එහෙම තමයි සහෝදර ප්‍රේමය
වාසියට වෙන්නැති නේද
අනේ අනේ මගේ බෑග් එකේ ඇති ගිහිල්ලා ගන්නවා
අනේ මගේ හොද අයියා ...
ආදරෙයි හොඳේ ..
බොරු බටර් නවත්තගන්නවා
මං අහුවෙයි ඕවට ..
එදා රෑ නින්දට ගියත්. ගයාෂාන් ට අර කෙල්ලව නිතරම මතක් වුනා. නිවාඩු දවස් ටිකත් ඔහේ ගෙවිලා ගියා...
අම්මෙ මම එහෙනම් ගිහින් එන්නම්
පරිස්සමින් මගේ පුතේ.. තුනුරුවන්ගේ පිහිට.
මම ගිහින් එන්නම් නංගියෝ
පරිස්සමින් මගේ අයියේ ..
අදත් මං යන බස් එකේ එයා හිටියොත් කොච්චර හොඳද.
හිත හිත ගයාෂාන් අපු බස් එකට නැග්ගා.
ඉක්මනට නගිනවා මල්ලි . අපිට යන්න ගොඩක් දුර තියෙනවා. නැගල ඉඳගෙන හීන මවනවා
කොන්දොස්තරගේ කෑගැහිල්ලට තමයි ගයාෂාන් පියවි ලෝකෙට ආවේ .
හරි හරි අයියේ සොරි .
බස් එකට නැගපු ගමන් ගයාෂාන් හෙව්වේ ඒ රූපය . දෛවය හරියටම දෙන්නා මුණගස්වන වගේ ඒ ගෑණු ළමයා තනි සීට් එකක ඉඳගෙන හිටියා . තවත් බලන් ඉන්න ඇතුව ගයාෂාන් එතන ඉඳගත්තා...
good morning
good morning
නංගිට නම් මාව මතකද දන්නෙ නෑ
අර එදා මම කොච්චර වෙලා යාවිද කියලා අහපු අයියා නේද
(අඩෝ කෙල්ලටත් මාව මතක තිබිලා වගේ )
ඔව් නංගී මතක තිබිලා නේද.
මතක තිබුනා ඉතින්.
මටත් ඔයාව නිතරම මතක් වුණා
මොකක්ද අයියේ කිව්වේ මට හරියට ඇහුනේ නැ
නෑ නංගි මම මේ කිව්වේ හරියට සීතලයි නේද .
ඔව් අයියේ
ඒක නෙවෙයි ඔයාගේ නම මොකක්ද?
මගේ නම උත්තරා. එතකොට අයියගෙ නම?
මගේ නම ගයාෂාන් . නංගි කොළඹ මොකද වැඩ කරන්නේ?
පොඩි කඩයක අයියේ. එතකොට අයියා,?
මම බෑන්ක් එක නංගි වැඩ කරන්න .
දෙන්නගෙ කතාවෙන් කතාවෙන් ගමනාන්තයට ලං උනා.
අයියේ එහෙනම් මම ගිහිල්ලා එන්නම්.
හරි නංගි බුදුසරණයි ..
බුදු සරණයි අයියේ..
අයියෝ ශික් . හැමදාම මොනාහරි අමතක වෙනවා. නම්බර් එක ඉල්ල ගන්න බැරි උනානේ ..
ගයාෂාන් ඔහොම හිත හිත. බෝඩිමට ගියා.
මොකද බං දාහට අරගෙන සීයට දීල වගේ මූණ.
නෑ නෑ බං ගමන් මහන්සියට වෙන්න ඇති .
හරි හරි එහෙමවත් කියමුකෝ . නාල කාල නිදා ගනින් හෙට වැඩ .
හරි බං උඹ කාලද ඉන්නේ . මම නාලා එන්නම්.
මම කාල ඉන්නේ. අපෝ පලයන් ගඳේ බෑ..
අනේ පල හූ.. යන්න....
ටික දවසක් ගෙවිලා ගියා ගයාෂාන් ට උත්තරාව.. නිතරම වගේ මතක් උනා. ආයිත් කවද දකින්න වෙයිද කියලා කල්පනා කරා.., දවසක්.
අඩෝ ගයාෂාන්
මොකද බං ..
බෝඩිමේ ආන්ටිට සනීප නෑලු .. අද රෑට කන්න වෙන්නේ කඩෙන් තමයි.

හරි මම ගිහිල්ලා අරගෙන එන්නම්. කාර් එකේ යතුර දීපං උඹේ
අඩෝ උඹ නම් දෙයියෙක් නෙවෙයි දේවාලයක් . ආ ගනිං .. ඉක්මනට ගිහිල්ල අරං වරෙන්.
ගයාෂාන් කාර් එකත් අරගෙන ටවුන් එකට ගියා යනකොට එයා දැක්කා. ගොඩක් හුරු රූපයක් . ඔව් ඒ උත්තරා . හැබැයි එදා වගේ චාම් විදියට දිගට ගවුමක් ඇඳපු උත්තරා නෙවෙයි . ගොඩක් කොටට ඇඟ ඇඳුමක් ඇඳගෙන පාරෙ අයිනේ හිටගෙන ඉන්දීය. දහසක් ප්‍රශ්න ගයාෂාන් ගෙ ඔළුවට ආවා. එයා උත්තරා ලඟට ගිහිල්ලා කාරෙක නවත්වා විතරයි.
සර් ෆූල් එකද.?
නැත්තං පැය දෙකකට වගේ ද?
ෆුල් එක නං රුපියල් හයදාහයි.
පැයට 1500.
ගයාෂාන් ට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. තමන් සිතින් මෙච්චර ආදරය කරපු කෙල්ල ද මේ. ගයාෂාන් ව උත්තරාට අඳුරගන්න බැරි වුණා.. හැම ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඕනි කියලා . ගයාෂාන් ට හිතුනා.
හරි එහෙනම් නගින්න කෝ .
හරි සර්. සර්ට ඕනේ ෆුල් එක ද
ඔව් මට ඒක තමයි ඕනේ . කොහෙටද දැන් යන්න ඕනේ
මම දන්න තැනක් තියෙනවා එතනට යමු . හැබැයි එතන කාමරේකට 1500 දෙන්න ඕන.
හරි අවුලක් නෑ . අපි යමු මට පාර කියන්න .
උත්තරා කියපු විදිහට පොඩි ගෙදරකට ආවා.
කාමරය ඇතුලට ගියාට පස්සෙ තමයි උත්තරා ගයාෂාන් ව අඳුරගත්තේ.
අය්යේ ඔයා ..
ඔව් නංගී . මටත් හිතාගන්න බැරි වුණා එදා එච්චර ලස්සනට හිටපු අහිංසක කෙල්ල ඔය විදියට දකිනකොට.
අනේ අයියේ ..
ඇයි නංගි මේ වගේ දෙයක් කරන්නෙ ඔයා වෙන ජොබ් එකක් තිබුනෙම නැද්ද?..
ඒක දිග කතාවක් අයියේ ..
මට ඒ කතාව හැමදේම දැනගන්න ඕන මට කියනවද ඒක .
හරි මම කියන්නම්..
චුට්ටක් ඉන්න නංගි මගේ යාලුවට පොඩි කෝල් එකක් ගන්න ඕන..
හරි අයියේ.
කොහේද හූ...ඉන්නේ මගේ බඩේ පණුවෝ බොක්සිං ගහනවා... බඩගිනි යකෝ ඉක්මනට වරෙන් ...
මචං අහපන්කො පොඩි ප්‍රශ්නයක් මම උඹට හැමදේම පස්සේ කියන්නම් හදිසියෙම මට ගෙදර යන්න වෙයිද දන්නේ නෑ ... උඹගෙ කාරෙක අරං ගියාට අවුලක් නෑ නේද? මම හැමදේම ඇවිල්ල කියන්නම් ..
පිස්සුද බං උඹට . මට මොනා අවුලක්ද . කැමති තරම් දවස් ඕක තියාගෙන අරගෙන ඇවිල්ලා මට වුන දේ කියපන් . මම තේ එකක් එක්ක බිස්කට් එකක්වත් අදට කන්නම් .
අනේ ටැං මචෝ බුදු සරණයි
බුදු සරණයි. බොක්කා පරිස්සමෙන්.
හරි නංගි පටන් ගන්න .
මම ඉස්සෙල්ලාම කොළඹට ආවේ කඩේ එක වැඩ කරන්න තමයි අයියේ . මොකද අපේ පවුල .ගොඩක් දුප්පත්.. අපේ තාත්තා නැති වුණේ අපි ගොඩක් පොඩි කාලේදී
ඊට පස්සේ අපිව හදාගන්න අපෙ අම්මා වින්දේ නැති දුකක් නෑ .මට තවම ඉස්කෝලෙ යන නංගි කෙනෙක් ඉන්නවා එයාට උගන්නන්නත් එක්ක තමයි මම කොළඹට ආවේ.
ඊට පස්සේ .
මම මාස තුන හතරක් ඔහොම වැඩ කරා. ඔතනදි තමයි මට අකිලව හම්බ වුනේ. ඒ මගේ පළවෙනි ආදරය . මම එයාට ගොඩක් ආදරේ කරා. මගේ හැමදේම එයාට දුන්නා පස්සෙ තමයි දැනගත්තෙ .
මොකද නංගි දැනගත්තේ?.
එයා බැඳපු කෙනෙක් කියලා . එතකොට මම ගොඩක් පරක්කු වැඩියි අයියේ. මගේ ජීවිතයම විනාශ වෙලා ඉවරයි . මට කරන්න දෙයක් තිබුණෙ නෑ . අකිල තමයි මාව මේ තැනට ගෙනල්ල දැම්මෙ. එයා මගෙන් ගොඩක් හම්බ කරා. මම ආසාවෙන් කරන ජොබ් එකක් නෙවෙයි අයියේ . මම අකිලගෙන් බේරිලා දැන් තනියම ඉන්නේ .
එයාගෙන් අයින් වෙලා ඇයි මේ ජොබ් එක් කරන්නේ? නංගි .
මගේ අම්මට.. අංශභාග හැදුනා එයා හොඳ කරන්න ගොඩක් සල්ලි ඕනේ.. මගෙ නංගි තාම ඉගෙන ගන්නවා මේ දේවල් හිතන කොට මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ අයියේ... මට මං ගැනම කලකිරෙනවා අප්පිරියයි ..
නංගි ඔයා දන්නවද. ඔයා දැකපු දවසෙම ඉඳං ම ඔයාට ගොඩක් ආදරය කරනවා ..
අයියා ,දැකපු දවසෙ මට හොඳ කෙනෙක් කියලා තේරුණා.ඒත් අයිය ආදරේ කියන වචනය මට උරුම දෙයක් නෙවෙයි
එහෙම කියන්න එපා නංගී . මම තාමත් ඔයාට ආදරෙයි .
මගේ හැමදේම දැනගෙන ඇයි මට ආදරේ කරන්නෙ .
ඒක මම දන්නෑ. මට ඒවා ප්‍රශ්නයකුත් නෙමෙයි. මගේ ආදරය වෙනස් වෙන්නෙත් නෑ.
අයියේ අහන්න . මගේ ඇඟ උඩට ආපු පිරිමි ගාන වත් මට මතක නැහැ දැන් මම ජරා ගෑනියෙක්. මම වගේ ගැහැනියක් ඔයාට හරියන්නෑ අයියේ .
ඔයා ජරා ගෑනියෙක් උනේ කොළඹට නේ. මට නෙවෙයි. ඒ නිසා දැන් මාත් එක්ක එන්න. හැබැයි ඔහොම නෙවෙයි . එදා වගේ දිගට ඇඳගෙන ලස්සනට..
අනේ අයියේ ඒත්
ඒත් නෙවෙයි ඉක්මනටම .
හරි අපි ඒත් කොහෙද යන්නේ?
ගියාම තේරේවි අපි යමුකො.
මට ඔයාව ගොඩක් විශ්වාසයි අයියේ අපි යමු.
ගයාෂාන් උත්තරා වත් එක්කගෙන ගයාෂාන් ගේ ගෙදර ආවා..
අම්මේ අම්මේ අයිය ඇවිල්ලා හැබැයි තනියම නෙවෙයි, අක්කා කෙනෙකුත් එක්ක .
කවුද පුතේ මේ දුව . හරිම සීදේවි පාටයි.
මේ ඉන්නේ අම්මගෙ ලේලි පොඩ්ඩ .
අනේ අනේ පුතේ.. දුවේ එන්න ගෙදරට මේක ඔයාගේ ගෙදර කියල හිතන්න .
අයියා මට මේ පාර නෑනා කෙනෙක් ගෙනල්ල.. මගේ හොඳ අයියා ..
අනේ මහත්තයෝ මට කියන්න තේරෙන්නේ නෑ කිසිම දෙයක් . ඔයාට ගොඩක් පින් මං වගේ කාලකන්නි ගෑනියෙකුට අලුත් ජිවිතයක් දුන්නට . ඔයාට දෙන්න කියලා මගෙ ළඟ කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ .
මට ඔයාගේ ලස්සන අවංක ආදරය දෙන්න ඒ ඇති. අපි ඔයාගේ අම්මා ව ඉක්මනට සනීප කරගමු . නංගිව අපේ ගෙදර තියාගමු අපේ නංගිත් ඉන්නවනෙ. දෙන්නත් එක්ක එකට ඉස්කෝලේ යාවි
අනේ මගේ මහත්තයෝ . මම ඔයාට ගොඩක් ආදරෙයි . මම ඔයාට ගොඩක් හොද බිරිදක් වෙනවා. ඔයාගේ අම්මට හොඳ දුවෙක් වෙනවා සත්තයි ඔයාගේ ආදරේට කවදාක්වත් වරදක් වෙන්න ඉඩ තියන්නේ නෑ . මට ලැබුණේ මේ ආදරය මේ පවුල පණ වගේ රකිනවා.. සත්තයි මහත්තයෝ
මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදු නෝනා.
උත්තරා ගයාෂාන් ගේ පපුවට තුරුල් වෙලා. ඒ ආදරය වින්දා අලුත් ජීවිතය ගැන හීන මවමින්

ජීවිතයේ සමහර තැන් අපිට වැරදිලා තියෙන්න පුළුවන්. ජීවිතය හැම දේ වෙන්නේ අපේම හොඳට යාලුවනේ. වැරදි නැති මනුස්සයෙක් මේ ලොකෙ නැහැ. අවංක ආදරේ කියන්නේ දාලා යන්න දහසක් හේතු තිබුනත්. ඉන්න තියෙන එක හේතුවක් හදාගෙන අවංකව ඉන්න එකට.
තමන් ආදරේ කරන අනිත් කෙනත් අවංක නම් විතරක්. අවංක නැති ආදරයකට අවංක වෙන්න හොඳ නෑ කවදාක්වත්.
මොකද ඒක වේදනාවක් විතරයි...

-Charaka Ariyawansa