Tuesday, April 23, 2024
Follow Us
සිරිපා පෙම

උබ ඕකක් කනේ ගහන් හිටපන්..එලියෙ මිණියක් මැරුනත් මූ දන්නෑ...."
චායා කොච්චර කෑගැහුවත් කේෂාන්ට ඇහෙන්නෙ නෑ...
හෙඩ් සෙට් එක කනේ ගහන් හිටිය කේෂාන් හිටිය වෙනමම ලෝකෙක...
චායා කාබරේට ආව බවක් වත් කේෂාන්ට දැනුනෙ නෑ...
"අනෙ අම්මපා බොට මම...."


" මොකද්ද යෝධියේ උබට වෙලා තියෙන්නේ....පයිත්‍යන්ද"
චායා කේෂාන්ගෙ ලගට ගිහින් හෙඩ් සෙට් එක ගැලෙව්වම කේෂාන් කිව්වා...
" මටද පයිත්‍යන් උබටද පයිත්‍යන් කියලා හිතලා බලනවා...
යකෝ කී පාරක් කතා කරාද ..."
අත් දෙක ඉනේ තියන් චායා කිව්වා..
" කී පාරක් කතා කරාද සොදුර...
මන් මෙ මනෝපාරක් ගැහුවා ..."
" උබට මනෝගහන්න තමයි වෙන්නෙ...මොකෝ ඕවා වෙන ඒවද..."
" එ වෙන්නෙ නැති වෙයිද අක්කේ...."
" කීයටවත් නෑ...කී අහකින් එනවද බන් ඕවට..කොහෙන් කොහොම හොයන්නද...
නමක් වත් දන්නෙ නෑ..එක්කො ඔච්චරටම පිස්සු වැටුනනම් නම්බර් එක දීලා එන්න තිබ්බනේ...
හෙන මොලකාරයා කියලා හිතන් ඉන්නෙ ඒ උනාට එහෙම දෙයක් වත් කරගන්න බෑ...
ගොබ්බයා...
ලෑස්ති වෙනවා අර හොයපු මනමාලි බලන්න යන්න..."
චායා කේෂාන්ට නෝක්කාඩු හිනාවක් දාගෙනම කාබරෙන් යන්න ගියා...
" ස්ස්ස්ස්ස් මොකද්ද මේකට කරන්නේ ....
ශි එක්කො කොහේ ශෙට් එකක්ද කියලවත් මට හොයන්න තිබ්බෙ
එවෙලේ...."
කේෂාන් මෙ හිතන්නෙ සිරිපා කරුනා කරන්න ගිහින් දැකපු ඒ කෙල්ලා ගැන...
අවුරුදු 5ක් රට ඉදලා ආව කේෂාන් සිරිපා කරුණා කරන්න ගියේ පලවෙනි පාරට. .
මෙ කෝඩුකාරයා සිරිපා කරුණා කරන්න පියගැට පෙල නගිද්දිමයි එයත් ඉස්සරහට ගියේ...
කේෂාන් පිස්සුවෙන් වගේ එයා දිහා බලන් හිටියත් එ ගැනු ලමයා හැරිලවත් කේෂාන් දිහා බැලුවෙ නෑ...
යන යන හැම කෙල්ලටම විහිලු කර කර හිටිය කේෂාන්ගෙ කට වැහුනෙ ඇත්තටම මෙයා දැක්කට පස්සේ....
කොටින්ම කිව්වොත් කේෂාන්ගෙ පපුව හෙල්ලුනා එ රූපෙට...
එ නිසාම එයා නොපෙනී යනකම්ම කේෂාන්ට ඊලගට කරන්න ඕන දේ මොකද්ද කියලා තේරුනෙ නෑ....
නොපෙනී ගියාට පස්සෙයි මතක් උනේ නමබර් එකක් වත් දුන්නෙ නෑනෙ කියන එක...
මලුවට ගිහින් එ රූපෙ හෙව්වත් කේෂාන්ට ආයෙ එ රූපේ දකින්න බැරි උනා...
බලාපොරොත්තු සුන් උන කේෂාන් අව්ලක් නෑ කියලා හිත හදන් ඉන්න හැදුවත් එ රූපෙ නිතරම මතක් උනා....
නිදාගන්න ගියත් , කද්දි, නාද්දි,සින්දුවක් ඇහෙද්දි කේෂාන්ට පුදුම විදියට එ රුපෙ මතක් උනා...
රූපේ හොදට මතක තිබුනට කේෂාන් එයා ගැන මොනවත්ම දන්නෙ නෑ....
" උබත් නිකන් කවදාවත් කෙල්ලෙක් දැක්කෙ නැති ගානට හැසිරුනානෙ...
ඊලගට ගන්න ඕන ස්ටෙප් එක මොකද්ද කියන එක උබට මීටර් උන්නෑ...
අක්කා කිව්වා හරි හෙන මොලකාරයා කියලා හිතන් හිටියට උබ නම් හෙනම ගොබ්බයි කේෂාන්...."
කේෂාන් මෙ හරි හරියට දොස් කියන්නෙ කැඩපතින් පේන තමන්ගෙ රූපෙටමයි...
කේෂාන් මෙ හිතන්නෙ මීදුමී ගැන...
කේෂාන් මීදුමී ගැන හිතද්දී, මීදුමී කරේ පොටෝ එකක් දිහා බලන් තනියම කතා කරන එක....
වෙලාවකට හිනාවෙන එක...
එ පොටෝ එක වෙන කාගෙවත් නෙවෙයි මීදුමී බලන්න එන මනමාලයගෙ පොටෝ එක...

" සුදු පුතේ..."
" යස් මාම්..."
" මේ සතියෙ ඇතුලත අර දරුවගෙ ගෙදරින් දිනයක් දෙයි ..."
කුස්සියට ආව කේෂාන්ට කේෂාන්ගෙ අම්මා කිව්වෙ කිරි කෝෆි එක හදන ගමන්...
කේෂාන් මොකුත්ම නොකියා කරේ ෆිජ් එක ඇරලා බිස්කට් කඩපු බිස්කට් පැකට් එක එලියට ගත්ත එක...
" හරි ලස්සන කෙල්ලා...ඔයා බැලුවද පොටෝ එක .."
" නෑ..."
" ඇයි එ ...අක්කා ලග ඇති ඔයාට පෙන්නුවෙ නැද්ද..."
කිරි කෝෆි එක කේෂාන්ගෙ අතට දෙන ගමන් කිව්වා...
කේෂාන් ඔලුව වනලා නැ කිව්වා...
එ එක්කම චායාත් කුස්සියට ආවෙ සින්දු කෑල්ලකුත් කියාගෙනමයි ....
" මතකයිද අද වාගෙ දින ගැන්න ඒ කාලේ..
ලන්වෙන්න පෙර මග බලා...."
" අපෝ....
මේකි ඒක කිව්ව කැත..."
" අනෙ මේ නිකන් හිටපන්කෝ....සොම්බියා..."
" ඔයා මල්ලිට අර දරුවගෙ පොටො එක පෙන්නුවෙ නැද්ද..."
අම්මා එහෙම ඇහුවම චායා කරේ , කිසිම දෙයක් නොදන්න ගානට බිස්කට් පොගවන් කන කේෂාන් දිහා ඇස් හීන් කරලා බලන එක...
" ඇයි මෙයා නැ කිව්වද..."
"නෑ තමයි...මොකෝ මට පෙන්නුවද උබ..."
" පුතා ඔය උබ කියලා කතා කරන්නෙ අක්කටනේද..."
" ඉතින් එකිත් එහෙමනෙ..."
" මූට මන් පෙන්නන්න කතා කරාම ඕනෙ නෑ කිව්වා...
ලගටත් අරන් ගියා ඒත් බැලුවෙ නෑ..
අර සිරීපාදෙදි දැක්ක උඩැක්කියක් ගැන මනෝගගහා හිටියා..."
ඇද කර කර චායා කියද්දී කේෂාන් කරේ රවපු එක...
" මොකෝ රවන්නේ...
වෙන දෙයක්නම් කමක් නෑ අම්මේ...කොහෙ කෙනෙක්ද කියලා කවුද දන්නේ...
මෙ ළමයා කොච්චර ලස්සනයිද..."
" හා...ඔයා ඔය ඔච්චර ඕකට නටන්නෙ ඔයාට ඉක්මනට බදින්න ඕන නිසානෙ..."
කේෂාන් කිව්වම චායා කටවහගත්තා...
කේෂාන්ගෙ අම්මගෙ ආසාව තමයි කේෂාන්ගෙයි චායගෙයි මංගල උත්සවය එකම දවසෙ ගන්න එක..
චායාට කටයුත්තක් හරි ගියත් තාම කේෂාන්ගෙ වැඩේ හරි ගියේ නෑ..
මෙ කේෂාන්ට බලපු තුන්වෙනි ගෑනුලමයා...
තුන්වෙනි ගෑනුලමයා උනාට අනෙක් දෙන්නම කේෂාන් දැක්කෙ පොටෝ වලින් ඒ රට ඉද්දී...
දින ගෙවිලා උදා උනේ එ දවස....
ඔව් කේෂාන්ට බලපු මනමාලි බලන්න යන දවස...
" අක්කෙ අර පොටො එක දෙනවා බලන්න..."
"දැන් මොන එහෙකටද ඉල්ලන්නේ....
ගිහින්ම බලාගන්නවා..."
චායා කොන්ඩෙ පීරන ගමන් කිව්වා...
" පෙන්නනවකො වදේ..."
" බෑ කිව්වනේ...දැන් යනවනේ එතකොට බලාගන්නවා...
තව පැය දෙකයි ඉන්න තියෙන්නේ...
පැය දෙකකින් අපි එහෙ..."
" ගියාම බලන්න පුලුවන් කියලා දන්නවා කොහොමත් මන්..."
" එහෙනම් මොන එහෙකටද ඉල්ලුවේ..."
චායා එහෙම ඇහුවම කේෂාන් නිහඩවම හිටියා..
" මේ ...ඒ කෙල්ලා ලස්සනයි අහිංසකයි ...
මෙන්න වැන්දා අකමැති වෙන්න එපා...ඔහොම ගියොත් නාකි වෙනකම් මටත් ගෙදර ඉන්න වෙයි..."
" හරි හරි බන්...පෙන්නපන්කෝ..."
" බෑ...."
චායා හයියෙන් බෑ කියලා කාබරෙන් එලියට ගියා....

කේෂාන්ගෙ පවුලෙ අය ගියා අදාල නිවසට...
සෙටියෙ වාඩිවෙලා හිටිය කේෂාන්ට බුලත් හෙප්පුව අරන් එන මීදුමී දැකලා ඉබේටම නැගිට්ටුනා...
" ඒයි මෝඩයා ලගට එනකම් ඉන්නවා...අපෝ..."
කේෂාන්ට එහා පැත්තෙන් වාඩිවෙලා හිටිය චායා කිව්වේ රහසින් වගේ...
ඒක ඇහුන කේෂාන් වටපිට බලලා වාඩිවෙන්න හදද්දි මීදුමී තමන්ගෙ ලගටම ඇවිත්...
මූනත් බිමට බර කරන් හිටිය මීදුමීගේ හිනාවෙන් මූන පිරිලා...
කේෂාන් හිනාවෙලා බුලත් හෙප්පුව අතට අරන් ටේබල් එක උඩින් තියලා තමන්ට වැදපු මීදුමීගේ ඔලුව අත ගෑවා...
කේෂාන්ගෙ පවුලෙ හැමෝටම වැදපු මීදුමි ගිහින් පුටුවකින් වාඩි උනා........
වැඩිහිටියන්ගෙ කතාබහින් පස්සෙ දෙන්නා තනියම කතා කරන්න එලියට ගියා...
මීදුමී එක්ක එලියට ගිය කේෂාන් එක වචනයක් වත් නොකියා මීදුමී දිහා ඔහේ බලාගෙන හිටියේ කම්බුලට අත තියාගෙන...
බිම බලන් හිටිය මීදුමී සැරින් සැරේ ඔලුව උස්සලා බලද්දි එ බලන හැම වෙලේම කේෂාන් හිටියේ තමන් දිහා බලාගෙන...
" කතා කරන්නෙ නෑද ඉතින්..."
මීදුමි බැරිම තැන හඩ අවදි කරා...
" අම්මෝ..."
මීදුමීගේ හඩ ඇසුනු කේෂාන් පපුව එක අතකින් අත ගාගන්න ගමන් කිව්වා..
" ඇ..යී."
" න් නෑ මට මාර සතුටුයි..හීනයක් වගේ මේකනම් හිතාගන්න අමාරුයි ..."
" එ කිව්වේ..."
" න් නැ ..හැමදේම ලග තියෙද්දිනෙ මන් කලබල වෙලා තියෙන්නේ..."
" මට ඔයා කියන දේ තේරෙන්නෙ නෑ...."
" න් නෑ මන් දැනන් හිටියේ නෑ එ ඔයා කියලා ...
මන් එ පොටෝ එක මීට කලින් බැලුවනම් කිසි අවුලක් නෑනෙ..ශීහ් .."
කේෂාන් එහෙම කියද්දි මීදුමීට මෙ මොකක් ගැනද කියන්නෙ කියලා හිතාගන්න බැරි උනා...
" ඔයා සිරීපාදෙ ගියාද..."
" ඔ..ව්.."
" දැන් සති තුනකට කලින් එහෙම නේද..."
"ඔව්..."
මීදුමී කලබලෙන් උත්තර දෙද්දි කේශාන් කරේ පිස්සුවෙන් වගේ හිනා උන එක...
"ඇයි කියන්නකෝ...
ඔයා ඔහොම හිනාවෙන්නේ...
ඔයා කැමති නෑද මට ..හිනාවෙන්නෙ මටද ඔයා..."
මීදුමී එහෙම අහද්දි කේශාන් කරේ ඒත් හිනාවෙන එක...
" මේ..මේක නම් මරු..හීනයක් වගේ අප්පා.."
කේෂාන් අත් දෙකෙන් තමන්ගෙ ඔලුව අල්ලන් කිව්වෙ වාඩි වෙලා හිටිය පුටුවෙනුත් නැගිටලා..
" අයි..යේ..
මට කියනවද මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා..."
" අප්පෝ නෑ..ඔයාට මාව පිස්සෙක් වගේ පේනවා ඇති දැන්..."
කේශාන් මීදුමීගෙ මූනට එබිලා අහද්දි මීදුමීගෙ පපුව ගැහෙන්නෙ පුදුම විදියට..එ මෙ කේශාන්ගෙ හැසිරීම නිසා...
" මෙහෙමයි නංගි මන් ඔයාව පොටෝ එකෙන් වත් දැක්කෙ නෑ..මට බලන්න ඕන කමක් තිබ්බෙ නෑ...
ඇයි කියලා අහන්න..."
කේශාන් කියද්දි මීදුමී ඔහේ බලන් හිටියා...
මවපු හීන එකෙන් එක බිදිලා වැටෙනවා වගේ දැනෙද්දි තමන්ගෙම ඇස් එක්ක ඔට්ටු වෙන්න මහන්සි වෙන්න සිද්ධ උන මීදුමීට...
" හරි අහන්නෑනෙ එහෙනම් මන් කියන්නම්කො...
මගෙ හිතේ එක ගර්ල් කෙනෙක් ගැන අදහසක් තියෙනවා ...කද්දි නාද්දි නිදියද්දි ...නිතරම මට එයාව මතක් උනා..එ නිසා මට ඔයාව බලන්න ඔනෙ කමක් තිබ්බෙ නෑ...මන් එ ගර්ල්ට ආදරෙයි .."
ඇස් වලට උනපු කදුලු හිර කරන් ඉන්න උත්සහ කරපු මීදුමීට තවත් ඒක කරගන්න බැරි උනා..
ඒ බෝල ඇස් වලින් කදුලු එක දිගට වැටෙන්න ගත්තෙ කේශාන් එ දිහා බලාගෙන ඉදිද්දිමයි...
හිටගෙන මෙ කතාව කියපු කේශාන් පුටුව මීදුමී ලගට කිට්ටු කරලා වාඩි උනේ මීදුමීගෙ ඇස් වල කදුලු තමන්ගෙ අත් දෙකෙන් පිහිදන ගමන්...
" ඔයා ගැන අම්මා මට කියලා තිබුනෙ එයා දකින්න කලින්..ඔයාගෙ පොටෝ එක මන් හිතන්නෙ කපු අංකල් අපිට ගෙනත් දීලා තිබ්බෙ පරක්කු වෙලා.."
" මට කි..යන්න ඔයා මේවා මට කියලා මොනාද බලාපොරොත්තු වෙන්නේ.....
කැමති නෑනම් ඒක කියන්න.."
මීදුමී මූන බිමට බර කරන් කිව්වෙ ඔලුව වන වන කදුලු සාරි පොටෙන් පිහිද පිහිද...
" අප්පො හොටුත් ඇවිත් ...
අහන්නකෝ මට මෙ දේ කියන්න වචන ගලපගන්න තේරෙන්නැ නන්ගෝ...
මේකයි මන් ඔයාව පොටෝ එකෙන් නොදැක්කට මෙ ඇස් දෙකෙන් දැක්කා..
අපි දෙන්නා අතර ඕනෙනම් මීටර් භාගෙක වගෙ පරතරයක් තියෙන්න ඇති..."
" කොහෙදිද...? "
" සිරීපාදෙදී....
ඔයා දැක්කෙ මන් පඩිපෙලෙන් බැහැලා යද්දි ...
එ එදා දැක්ක වෙලේ ඉදන් අද උදේ වෙනකම් මන් ඔයාව හෙව්වා..."
මීදුමීගෙ අතක් කේශාන්ගෙ අත් වලින් අල්ලගන්න ගමන් කිව්වා...
මීදුමීගෙ කටත් භාගෙට ඇරිලා...
" මෝඩී තේරෙනවද දැන් එයා තමයි ඔයා...ඔයා තමයි එයා කියලා..ම්ම්.."
" එ කියන්නෙ ඔයා ආදරෙ කරනව කියලා කිව්වෙ මටද..."
මීදුමී අහපු ප්‍රශ්නෙට කේශාන් උත්තර දුන්නෙ එ මූන දිහා බලාගෙන ඔලුව වනන ගමන්..
" එතකොට මාව එහෙදි දැක්කට පස්සෙ ඔයා මගෙ පොටෝ එක බැලුවෙ නෑ...
ඒත් ඔයා මාව හෙව්වා..."
" ඒක මෙහෙමයි මන් දන්නැනෙ එ ඔයා කියලා..ඔයාගෙ ෆොටෝ එක කියලා..
මන් ඉතින් මගෙ හාර්ට් එකෙන්ම සිරීපාදෙදි දැක්ක ඔයාට ලව් කරා...
එ නිසා මට ගෙදරින් ම්ැරි කරන්න හොයපු ඔයාගෙ ෆොටො එක බලන්න කැමති උන්නෑ..."
" අනෙ මට නම් තේරෙන්නෙත් නැ අෆ්ෆා..."
" ම්ම්ම්"
"ඉතින් එ මන් නොවුනනම්...."
"එ කියන්නෙ..."
" ඔයා මාව දැක්කෙ සිරීපාදෙදි , එතකොට ඔයා මට කැමති උනා...හරිද..
ඒත් අද ඔයා බලන්න ආපු කෙනා මන් නොවුනනම්...."
" හ්ම් ඔව් ඒක තමයි මන් එ සිරීපාදෙදි දැකපු කෙනා ගැන හිතින් අතරිනවා කියලා හිතාගත්තා අද උදේ...
මොකද මන් දන්නැ ඔයාගෙ නමක් ගමක් කිසිම දෙයක්..."
" හ්ම්..."
" ඔන්න ඕකයි ඉතින් කතාව...ෆයිනලි මට හෙව්ව මැනික හමු උනා..."
නිකටින් අල්ලලා කේශාන් කියද්දී මීදුමී හිනා උනා...
දෙන්නා ආයෙ සාලෙට ගියේ ලැජ්ජාවෙන් ..
" මොකද ළමයි කියන්නෙ..."
" මගෙ නම් අකමැත්තක් නැහැ අම්මේ.."
කේශාන් එහෙම කියලා වාඩි උනේ මීදුමීගෙ දිහා බලාගෙනමයි...
පවුල් දෙක සතුටින් සමු දුන්නා ...
කේශාන් මීදුමීගෙ නම්බර් එකත් අරගෙන ගෙදරට එන ගමනුත් මැසේජ් කරා..
"ඈ බන් උබ මොකො අර ලගට එන්න කලින් පුටුවෙන් නැගිට්ටෙ..."
"මල්ලී.."
කේෂාන්ගෙන් උත්තරයක් ලැබුනෙ නැති නිසා චායා සද්දෙන් කතා කරා..
" මොකෝ බන්.."
" මූ නම් ඇබලයෙක් වගෙ අම්මේ බලන්නකෝ..."
" ඇයි දැන්.."
" නෑ අරහෙදි දැක්ක එකියක් නිසා මනෝගගහ හිටියා...දැන් ඒක ගානක් නෑ පිස්සෙක් වගෙ අර කෙල්ලට මැසේජ් කරනවා..."
" අනෙ ඕයි උබ දන්නවද එයා තමයි මෙයා...මෙයා තමයි එයා..."
නිවස බලා එන ගමන් කේශාන් චායට කිව්වා...
" එතකොට ඔයා සිරීපාදෙදි දැක්කෙ මීදුමීවද..."
" ඔව් බන්.."
" අපරාදෙ ෆොටෝ එක බැලුවනම් ඉවරයිනෙ පුතා ..."
" ඔව් ..
කමක්නෑ...
හැමදේම හරියට සිද්ද උනානෙ අම්මෙ..."
ගෙදරට ආව කේශාන් වොශ් දාන් කාලා බීලා ඇදට ඇවිත් කරෙ මීදූමීට කෝල් එකක් ගත්ත එක..
" මගෙ කෝල් එක එනකම් බලන් හිටියා වගෙ නේද. ."
" හ්ම් ඔව් ඉතින් .."
" ඉතින් කියන්නකෝ ඔයා ගැන..."
දෙන්නා කතාව පටන් ගත්තෙ එහෙම ...
" නිදිමතයි ද..."
" නැ ඔයාට නිදිමතයි ද අයියේ..."
"නෑ බබෝ..."
" ම්ම්ම්...ඔයා වෙනදටත් නිදියන්නෙ රෑ වෙලාද..."
" එහෙමත් නෑ...එක එක වෙලාවල්වලට තමයි නිදියන්නෙ...
ෆිල්ම් බලනවා නැනම් එෆ්බී එකට වෙලා ඉන්නවා ඔහොම තමයි ...
මෙ ටිකේනම් මන් ඔයා මතක් කර කර සින්දුවක් ඇහුවා ..."
" සින්දුවක් ....
එ මොකද්ද ඒ...."
" ම්ම් ඉන්නකො මන් කියනවට වඩා හොදයි ඔයාම ඒක අහලා ඉන්න..
ඒක හරියට මගෙ කතාව වගේමයි.."
" ම්ම් එහෙනම් එවන්නකෝ නිදියන්න කලින් අහලා නිදියන්නම්..."
"ම්ම්ම් ඔන්න මන් සෙන්ඩ් කරා ඔයාට..."
ඇමතුමට සමුදුන් කේශාන් නිදියද්දි ,මීදුමී හෑන්ඩ්ෆ්‍රි ගහන් සින්දුව ඇහුවා....

සිරිපා මලුවේ පියගැට පෙල මත...
සදමෙන් දුටුවේ ඔබ පසළොස්වක ...
නැතිමුත් බැලුවේ හිනැහී මා දෙස...
සිත නෙත සෙව්වේ ඔබමයි සැමවිට...
මා ගැන මට අමතක වූවා වාගෙයි...
සිතුවිලි සිත අවනත නැතුවා වාගෙයි ..
සංසාරෙ හුරු සුවදක් දැනුනා වාගෙයි ...
ඔබ හමුවෙන්නම මා මෙහි ආවා වාගෙයි ...
සිරිපා මළුවේ...
කිසිදා නොලැබූ මෘදු හැගුමක් වාගෙයි ...
මට හිමි දේ ඔබ ලග ඇතුවා වාගෙයි..
පැතුමක සිතුවම් සිත ලග ඇදුනා වාගෙයි...
දැන් මට ඔබනම් නැතුවම බැරුවා වාගෙයි...
සිරිපා මළුවේ ...
සින්දුව අහපු මීදුමීට කේශාන් ගැන තිබ්බ ආදරේ තව වැඩි උනා...
පුදුම ලෝබකමක් දැනුනා එ ආදරේට...
" දැන් මට ඔබ නම් නැතුවම බැරුවා වාගෙයි...

කේශාන්ට එසේ පණිවිඩයක් යැවූ මීදුමී නිදියන්න ලෑස්ති උනේ හෑන්ඩ්ෆ්‍රි දෙකත් ගහන් සින්දුව අහන ගමන්මයි....
නිමි

Written by Hashi Thenuwara