Tuesday, April 16, 2024
Follow Us
කිරිකඩ සේල

පහන්දි ඔහම හිටපන් කොහෙද උ බ දුවන්නේ
සුදීර මගේ පස්සෙන් එන්න එපා තමුන්ලා හැමෝගෙම වෙස් මුණු ගැලවිලා ඉවරයි දැන්.


ඔහම නැවතියන් මන් කියනදේ අහලා මගේ දරුවාට එහෙම මොකුත් උනොත් මන් උ බ ව තියන්නේ නැ ..
සුදීර පහන්දි පසුපසින් යනවිට ඇය පස් මස් ගැබත් දරාගෙන තරප්පු පෙල දිගේ ඉහලට දිව්වේ ඔහුට තමන් කිට්ටුවට එමට අවස්ථාව නොදි..
අතිතයට .....
ඇය පහන්දි නිම්සරා ගමආරච්චි වත් පොහොසත් කම් එතරම්ම නැති කුඩා පවුලක ඇ එකම දියණියයි ඇයට අගහිගකම් මැද උවත් සියලුම දේ ළබාදි ඇයව උස් මහත් කලේ තාත්තාගේ මේසන් රක්ෂාවෙන් ඇයට මා පිය සෙනහස කුඩා කැදැල්ල තුළ නොඅඩුව ළැබිණ. පහන්දිගේ කල වයස සම්පුර්ණ වන විට ඇයට විවාහ යෝජනාවක් ආවේ සුදීර මන්චනායකගෙන් එය රැගෙන ආවේ ඔවුන්ගේ දෙමාපියන් විසින්මයි.
පහන්දි මුල සිටම සල්ලි කාර පිරිමි විස්වාස නොකළ අයෙක් මුලදි ඇය මෙයට එක හෙලාම විරුද්ධ කම් පැවේ ඒ නිසා.
ඔය සල්ලි තියෙන මිනිස්සු ගාව මනුස්ස කම් නැ අම්මේ .
එහෙම කියන්න එපා මයේ පුතේ හැමෝම එක වගේ නැ . සල්ලි තිබුනා කියලා හැමෝම වැරදි වැඩ කරන්නෙ නැ .
ඒ වුනාට අම්මේ දුප්පත් ගෙදරක උනත් සැනසෙන්න පුළුවන් ආදරණිය පපුවක් විතරයි අම්මේ මට ඔනේ .
හරි හරි පුතේ තවම යෝජනාව ආවා විතරයි නේ අපි ඒ අය ආවම ඒ ගැන කතා කරමු .රැයකට පායපු හදක් වගේ මගේ දුව ලස්සනයි නේ කවුරු උනත් මයේ කෙ ල් ල ට කැමති වෙනවා අපිට උ බව දෙන්න හදිසියක් නැ පුතේ මේ තාත්තාත් තවම ජිවතුන් අතරනේ .
මේ අතර මන්චනායක ෆැමිලි එකෙන් දා ගත්තු දිනට පහන්දිව බැලිමට නිවසට පැමිණියා අම්මාගේ තාත්තාගේ බල කිරිමට සාරියක් පටලවා ගත් ඇය පිරිස ඉදිරියට පැමිණියේ ම ර න යට ගෙනි යන ගවයකු මෙනි .
නමුත් සුදීරව දුටුව පමනින් ඇගේ සිත තුළ මෙතෙක් පැවති නොරිස්සුම මදක් දුරුවිය ඒ පිරිමි ඇස් ඇය නෙත ගැටුන මොහතේද සසර පවකටද මන්දා ඇගේ ගැහැනු ආත්මය අවදි විය ඇය ඔහුගේ නෙත් දෙස බලා ඉවත බලා ගත්තේ ලැජ්ජාවෙන් . වැඩිහිටියන් ඔවුන් ⁣ට අදහස් විමසා දැන ගැනිමට දුන් අවස්ථාවහි ඇය ගොස් වාඩි වුයේ නිවසේ ඉදිරිපිට අඹගස් සෙවනෙහි ඇති කුඩා බන්කුවේ.
මහත්තයා මේකට අකමැති කියන්න මොකද මම සල්ලි කාර පිරිමින්ට කැමති නැ ..
ඇයි ළමයෝ ඒ ඔයා හිතන්නේ සල්ලි තියෙන මිනිස්සු ය ක් කු කියලාද .
ඔහුගේ මුදු මොලොක් නිහඩ ඇමතුම ඇයගේ යටි සිතටම තට්ටු කළත් ඇය සිතුවේ දැඩිව සිටිමට.
මහත්තයාට කැමති තැනකින් හොද නෝනා කෙනෙක් ගන්න මාව අත ඇරලා මන් මේ විදිහට ලැස්ති වුනේ මගේ අම්මා තාත්තා ගේ කිමට විතරයි.
මමත් ආවේ එයාලගේ කිමට තමයි ඒත් ඔයා දැක්කා ම මගේ හිත වෙනස් වුනා මන් ඔයාට ඇත්තටම කැමති පහන්දි .
ජිවිතයේ එකම එක පාරක් මුන ගැහුන මට මහත්තයා මොකට කැමති වෙනවාද අම්මලාට කියන්න අපේ අවසන් තීරණය අපි අපිට කැමති නැ එච්චරයි .
පහන්දි යටි හිතේ නලියන සිතුවිලි සගවා⁣ගෙන වචනයෙන් කිවුවේ වෙන දෙයක් සුදීරගේ ඇස් එකට මුන ගැහෙන හැම මොහතකම ඇයටත් නොදැනි ඇය ඔහුගේ කඩවසම් රූපයට බැදුනා නමුත් ඇය මුදල් හදල් යහමින් ඇති අයව විස්වාස කරන්න බිය වුවා..
අපි යමු ඇතුලට අම්මලා අපිට අඩ ගහනවා එයාලට මන් කියපු විදිහට කියන්න පහන්දි කිවුවේ තරවටු හඩින් බැරැරුම් මුහුණක් මවාගෙන ..
මොකද පුතාලා කතා කරාද මොකද දරුවෝ තීරණය
පහන්දි මට කැමති කිවුවා අම්මේ මමත් එයාට ගොඩක් කැමති.
සුදිර එළියේදි ගත් තීරණය වෙනස් කොට දෙමාපියන් ඉදිරියේ තැබිම නිසා පහන්දි ට ඔහු ගැන ඇති වුයේ තරහක් නමුත් කිසිවක් කියා ගැනිමට නොහැකිව ඇය නිහඩ විය.
රණ්ඩු සරුවල් මැදින් සුදිර කෙසේ හෝ පහන්දිගේ හිත තමන් කෙරෙහි නම්මවා ගත්තේ ඇයට තමන් නැතුවම බැරි වෙන තැනට.
සුදීරගේ වචන හමුවේ පහන්දිගේ සිත ඔහුට අවනත විය ඇය ඔහුට ප්‍රේමයෙන් බැදුනේ නොසිතු පරිදිය ඇයට සිතුනේ නිවරදිම කෙනා තමන්ට ලැබුණ බවය.
කාලය වේගයෙන් ගතව ඇය හා ඔහු විවාහ දිවියට එළැබියේ දෙමාපිය ආශිර්වාදය මැදය .
විශාල උත්සවයක්ද සමගින් ඔවුන් අතිනත ගත්තේ පහන්දිගේ සිත සතුටෙන් පුරවමින් සුන්දර සිහින පිරි කුල ගෙදරකට ඇය පය තැබීය.අවුරුදු 22 ක් ඇය පරිස්සමෙන් බලා ගත්තු පතිවත මන්ගල දිනයේ පළමු රාත්‍රියේ දි තම සැමියාට ඇ පුඡා කළේ ඔහු කෙරෙහි මහත් සෙනෙහසින් .
ඇයට වචනයකින් වත් වෙනසක් සුදීරගෙන් නොවිණ .ඇයට සිතුනේ ඔහුත් තමන්ට පන මෙන් ආදරය කරන බවක් සැම දිනකම සුදිරගේ සැම වැඩක්ම පහන්දි අතින් සිදුවිය. සුදිර මහන්සි නොවි සිටිමට ඇයට කොතෙකුත් කීවත් ඇය ඒවා සතුටෙන් කරන බව පවසා ඇගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කෙරීය.
කාලය හී සරයක වේගෙයෙන් ඇදිලා ගියේ ඔවුන් දෙදෙනාගේ ජිවිතයට නව පිටුවක් පෙරලමින් එ් පහන්දි මවක් වීමේ ළකුණු පහල කිරිමයි එදිනි සුදීරගේ ජිවිතයහි ලොකුම සතුටු දවස විය ඔහු හැසිරුනේ උ මතු⁣වෙන් මෙන් . පහන්දි ව හැකි උපරිමයෙන් බලා ගැනිම ඔහුගේ එකම කාර්ය විය පහන්දි අාසා කරන සෑම ආහාර පානයක්ම ඇය පවසනවාටත් කලින් සුදිර ඇයට ලබා දිය.
බලන්නකෝ පුතේ තාත්ති අම්මිටත් වඩා ආදරේ මගේ පුතාටනේ පහන්දි නෝක්කාඩු කිවුවේ සුදිර දරුවා නිසා ඇ වෙනුවෙන් කරන දේවල් දැකලා . පහන්දි සිටියේ හරිම සතුටෙන් ඇයට හිතුනේ ලෝකයේ හොදම සැමියා ඇයට ලැබුණ බව ..
නමුත් ඇගේ ජිවිතය උඩු යටිකුරු වෙන්න එතරම් කාලයක් ගතවුයේ නැ ...ඒක මහ න පු රුම න පුරු හීනයක් වගේ පහන්දි ගේ සිහින මාලිගා සියල්ලම ඇගේ දෙපතුල ළගට කඩා වැටෙන්න බොහොම සුළු කාලයයි ගත වුයේ.
ඒ සියල්ල වෙනස් උන රාත්‍රියේදි යහන මත සුදීර නොමැති බව හැගුන පහන්දි ඔහුව විපරම් කිරිමට ගියේ පස්මස් ගැබත් අතින් පිරිමදිමින් .
පුතේ තාත්ති කෝ මේ මහ රැ ඇදෙන් බැහැලැ කොහේ ගියාද. හෙමින් අඩි තබන විට පහන්දි ට ඇසුනේ සුදිර යමකු හා දුරකථන සන්වාදයේ යෙදෙන හඩක් මේ මහ රැ කවුදැයි සිතු පහන්දි ඔහුට නොදැනෙන පරිදි දොරට මුවා වුයේ යම් සැකයක් ජනිත වු නිසා..
නමුත් ඇසුන දේන් ඇගේ ආත්මය වටා බැදි පවුරු දෙදෙරා බිම වැටෙන්නට විය.
මේනකා තව ටික කාලයක් ඔය විදිහට ඉවසගෙන ඉන්නවා දන්නවානේ ත මු සේ මන් මන්දිරාව බැන්දේ තමුසේගේ ම කීමට ළමයෙක් හදාගන්න විතරයි කියලා ත මු සේ ට බැදලා අවුරුදු ගානක් යනකන් ළමයි නැතිවුණ නිසානේ මේ හැම දෙයක්ම කරන්න උනේ දැන් මගේ ලෙ%යින් පැටියෙක් පහන්දි බඩට ඇවිත් තියෙන වෙලාවේ ටිකක් ඉවසීමෙන් ඉන්නවා දරුවා ලැබුණ ගමන්ම ප්ලැන් එකේ විදිහට කො ල් ලෙ ක් ගෙන්වලා මන් පහන්දි ඩිවෝස් කරලා දරුවා අරන් එළවලා දාන්නම් එහෙමනේ අපි කතා වුනේ ඔයා දිගටම ඔය රගපැම කරගෙන යන්න මේනකා තව ටික දවසයි නේ.

 

-Dilrukshi Yapabandara