Wednesday, April 24, 2024
Follow Us
ආදර හිත

සමරසිංහ මින්දුලී දිසානයක
මේ එනවා සර්....


කෙල්ල හනිකට ගියේ ඔෆිස් රූම් එක ගාවට...
එන්න මින්දුලී....
බයෙන් වගේ කෙල්ල ඇතුල් වුණා..
සර් ම..ම....
කෙල්ලට බයයි...මේ පලවෙනි ජොබ් එක...
කෝ ඔයාගේ සෙටිෆිකට්...
කෙල්ල තමන්ට කියලා තිබුණු ඔක්කොම වත්කම් ටික සර්ගේ අතට දුන්නා...
ෂා...ගොඩක් හොදයි...
ඔයා හොදට ඉගෙන ගෙන තියනවනේ...
ඒ ප්‍රතිචාරේ කෙල්ලට ඉහටත් උඩින්....
දැන් පොඩි හරි බලාපොරොත්තුවක් තියනවා කෙල්ලට මේ ජොබ් එක ලැබෙයි කියලා....
හරි මින්දුලී ....
මන් ඔයාට දන්වන්නම්....
දෙවියන්ගේ පිහිටෙන් මේ ජොබ් එකවත් මට ලැබුණොත්...
කෙල්ල ප්‍රාර්ථනා කලේ එච්චරයි....
---------------------------------
කෙල්ලේ මොකද උබ ඔච්චර කල්පනා කරන්නේ....
කෙල්ලගේ අම්මා කෙල්ල ගැන ගොඩක් විමසිලිමත්...
ඒක ආදරයක් වගේම හිතේ ඇති වුණු බයක්...
ඒක තමයි ඇත්ත...
මොකද මින්දුලී කියන්නේ එක පාරක් ජීවිතේ වැරදෙන්න ගිහින් ඒ කරදරෙන් ගැලවුණු කෙනෙක්....
ඒකේ ඇත්ත මොකද්ද කියලා තාමත් දන්නේ කෙල්ලම විතරයි .....
අදටත් ඒක රහසක්...
අනිත් හැමෝටම වරදක් වෙලා පෙනුණු ඒත් කෙල්ලට වරදක් විදිහට නොපෙනුනු ලොකුම ලොකු වරදක්....
---------------------------------
අභී සර්....
ඔයා...මෙහේ...
කෙල්ල දැක්කේ කඩුල්ල ළග නතර කරන අභිගේ කාර් එක....
කෙල්ල අභී ලගට දුවගෙන යන්න හැදුවත් පරණ මතකයන් කෙල්ලව නතර කර ගත්තා....
මින්දු....
ඒ වචන වලට කෙල්ල තාමත් ආදරෙයි....
අභී කෙල්ල ළගටම ආවා....
සර්...ඔයා මෙහේ...
ඇත්තටම ඒ මූණ දැක්කේ අවුරුදු 5 කට පස්සේ....
මන් ආවා මින්දු...
අම්මලා මට දුන්න ජීවිතේ ගොඩක් ලොකු දුකක් මින්දු.....
කෙල්ලට ඒ වචන වලින් ගොඩක් දේවල් තේරුනා....
--------------------------------
මින්දුලී අභී කියන්නේ ගොඩක් ආදරෙන් හිටපු දෙන්නෙක්...
ඒත් ටික කාලයක් ලස්සනට ගලාගෙන ගිය ඒ ආදරේට බාධා ගොඩක් ආවා...
ඒ වෙන කාගෙන්වත් නෙවෙයි අභීගේ අම්මගෙන්....
අභී අම්මට ගොඩක් ආදරෙයි...
අම්මත් එහෙමයි ....
අභී තමන්ගේ හිතේ දහසක් බලාපොරොත්තු පුරවන් තමයි මින්දුලීව අම්මට අදුන්වලා දුන්නේ....
අභී කියන්නේ ගොඩක් ලොකු සල්ලිකාර පවුලක් නෙවෙයි...
ඒත් සාමාන්‍ය තරමට සල්ලි තිබුණා....
ඒත් මින්දුලී ගොඩක් දුප්පත්...
අභීගේ අම්මා මින්දුලීව ආදරෙන් පිලි ගත්තා....
ඒත් එක දවසක්....
------- දුව මට ඔයා එක්ක පොඩි දෙයක් කතා කරන්න ඕනේ.....
කියන්න අම්මා....
අපි අපේ පුතාව බලා ගත්තේ ගොඩක් ලොකු බලාපොරොත්තුවක් හිතේ තියන්....
අපි පුතාට නොකිව්වට පුතා පොඩි කාලෙදිම මගේ යාලුවෙක්ගේ දුවෙකුට පුතාව යෝජනා කරා...ඒත් ඒක පුතාව දන්නෑ....
අපිට සමාවෙන්න දුවේ....
මේ සම්බන්ධේ නවත්තන්න....
මින්දුලීට මුකුත් හිතා ගන්න බැරි වුණා....
අම්මා කෙනෙක් මේ ඉල්ලන්නේ....
කොහොමද ඒ ඉල්ලීම අහක දාන්නේ...
අවුරුදු ගාණක් තිබුණ ඒ ආදරේ අමතක කරන්නේ කොහොමද ....
කෙල්ල ගොඩක් කල්පනා කරා....
ඒ අම්මගේ සතුට ගැන හිතලා කෙල්ල තමන්ගේ ලස්සන ජීවිතේ කදුලුට පූජා කරා....
ඇයි මින්දූ මට මෙහෙම කරන්නේ....
මාව මෙහෙම මග අරින්නේ ඇයි...
අභීගේ ආදරේ කෙල්ලව කොච්චර හොයාගෙන ආවත් කෙල්ල කොල්ලව මග ඇරියා....
කෙල්ල රගපැවේ වෙන ආදරයක් තියනවා වගේ....
අභීට මේ මුකුත් හිතා ගන්න බෑ....
කොල්ලා පිස්සෙක් වගේ....
අන්තිමට අභීගේ අම්මා කොල්ලට එයාගේ යාලුවගේ දුවව අදුන්වලා දුන්නා....
අභීගේ අම්මා දන්නවා කෙල්ල මෙහෙම හැසිරෙන්නේ තමන්ගේ කීමට කියලා....
අන්තිමට අභී මින්දුලී එක්ක තරහටම සෙනූ එක්ක යාලූ වුණා....
අභී මින්දුලීට ආයිත් වදයක් වුණේ නෑ....
කොහොම හරි අභී අන්තිමට මින්දුලීව අමතක කරලා සෙනූගෙන් නැති වුණු ආදරේ හෙව්වා....
මේ හැම දෙයක්ම බලාගෙන කෙල්ල ගොඩක් විදෙව්වා....
කෙල්ලගේ හිත හදන්න ළග හිටියේ අම්මා විතරයි ....
හැමෝගෙම ඉදිරියේ කෙල්ල ලොකු වැරදිකාරයෙක් වෙලා....
අභී අන්‍තිමේදී සෙනූව මැරි කරා....
මින්දුලී තාමත් ජීවිතේ නතර වුණ තැනමයි....
කෙල්ල අභීගෙන් තොර ආදරයක් ගැන හිතුවේ නෑ....
ඒ මත්තෙම විතරයි හිත තිබුණේ....
---------------------------------
ඇයි මින්දු මට මෙහෙම කරේ....
ඔයා අපේ අම්මා කියපු නිසාද මාව මෙහෙම වෙන කෙනෙක්ට දුන්නේ....
අම්මා මට සතුටක් දෙන්න කියලා මට දුන්නේ ලොකු දුකක් මින්දු....
දැන් එයාටත් තේරිලා ඔයා කරේ කොච්චර ලොකු කැප කිරීමක්ද කියලා.....
මට ආදරේ කරා නම් කොහොමද එහෙම දෙයක් කරේ.....
අභීගේ ඒ වචන වලට කෙල්ල ගොලු වුණා....
මන් සෙනූට ආදරේ කරේ නෑ මින්දුලී....
ඒත් එයා මට ගොඩක් ආදරේ කරා....
මම එයාගෙන් හෙව්වේ ඔයාව....
ඒත් මට ඒ ඇස් වලින් ඔයාව හොයා ගන්න බැරි වුණා ...
මට බෑ මින්දුලී තවත් බොරුවට එයා එක්ක ඉන්න....
මන් එයාට සේරම ඇත්ත කිව්වා....
මට එයාට කවදාවත් ආදරේ කරන්න බෑ කියලත් මන් එයාට කිව්වා....
එයා ඇත්ත තේරුම් ගත්තා ....
අපි දෙන්න ඩිවෝස් වුණා මින්දු....
දැන් අවුරුද්දකට කලින්....
එයා දැන් ලස්සනට එයාගේ ජීවිතේ ගෙවනවා....
එයාට ආදරේ කරන කෙනෙක් එක්ක....
අපි ආදරේ නොකරන කෙනෙක් එක්ක ඉන්න එක ගොඩක් අමාරුයි....
මෙච්චර දවස් මන් විදෙව්වා ඇති මින්දු....
ඔයත් එහෙමයි....
දැන්වත් මට මගේ ආදරේ දෙන්න....
මන් මැරෙන්න කලින් මට එක දවසක් ආදරේ දෙන්න මින්දුලී....
අභීගේ කතාව අහන් හිටපු කෙල්ලගේ හිතේ තද කරන් හිටපු ඒ දුක එක පාරටම ඇස් දෙකෙන් එලියට ආවා....
මන් ඔයාට ආදරෙයි අභී.....
කෙල්ල ඒ පපුව අස්සේ ගුලි වුණේ ගොඩක් ලොකු ලෝභකමකින්.....
__ සමාප්තයි __

-Thilini Madushika