Saturday, November 23, 2024
Follow Us
Poems
බත් කට කට කවා මා උස් මහත්     කල
ලේ ටික කිරට හරවා පෝශණය      කල
උදේ රැයින් ඉස්කොලේට පිටත්      කල
පින් කද නුඔයි ! මා සක්විති රජෙකු කල
 
සරසවියට තේරැණ බව දැනගත්  දා
සතුටු කදුලු දුටුවෙමී දෑසින් උනනා
ජිවිතයේ කටුකම අවදිය ගෙවුනා
කලූ ලෝගුවෙන් අද මගේ දෙවූරත් වැසුනා
 
ආඩම්බරද අම්මේ ලොකු පුතා ගැන
කිරැලූ පැළදුවෙමී සක්විති රජෙකු ලෙස
ජිවිතයේ දූක් කදුලැලි නිමා කොට
රැජින නුඔයි අම්මේ මා රජෙකු කළ
 

-H.ishini wathsala Dharmadasa 
Poems
බනින්නට දැන් වාරු නෑ බන් - පියන් සතරක කාමරේ
ගෙදර බර මගෙ කරෙන් ගිලිහී - මතට වැටුනද පුතෙ උබේ
වැදූ ගෙයි මුල් පදයෙනුයි මගෙ - නැවතුනේ හද අද නොවේ.
උබේ උරහිස ගනකමයි දැන් - ඒක දැනුනේ යන වෙලේ.
මිහිමවගෙ බහට කීකරුයි මං - ඉතින් යවපන් අඩහැරේ.
දැවෙන චිතකයෙ රස්නෙ මදිවට - උබේ ඇස් අද දියවෙතේ.
නොයන ගමනට ඇරලවන්නට - වරෙන් පුතෙ උබ පන මගේ.
අවසරයි දැන් තනිව යන්නට - රැකගනිම් මගෙ ආදරේ.
අම්මගෙ ආදරේ විනිවිද දැක්ක අපිට.
තාත්තගෙ ආදරේ දැක්කෙ අපි කොන්දගෙ රුපියල වගේ..
>> කොන්දගෙ රුපියලත් තියනව කියල දන්නවා,
අපිට ඒක අයිති කියලත් දන්නවා.
ලැබෙන්න ඕනෙ කියලත් දන්නවා,
ඒත් ඒක හැමදාම කොන්ද පරිස්සමට එයා ළඟ තියාගත්ත..
මතක තියාගන්න "සාජහන් ටච්මහල හැදුවට, මුන්ටාස් ඒක දැක්කෙ නෑ.!!
*පේන කාලෙ දැනෙන කාලෙ එකපාරක් හරි තාත්තට ආදරේ කියන්න. 
 

-Janisha Nethmal
Poems
අකුලට වෙලා
සිත සක්මන් කරන රඟේ...
කුකුලට ඉතින්
කොයි කොටුවත් උගෙම වගේ...

Poems
කලෙහිය නෙතු අගින් ඈ ඉගියක්
මත්වූ දෑස අද්දරහි
සියොලගම ගල් ගැසී අකුණු සැරයක් අභියසේ
නංවා සීත හාදුවක් නලල් තල මුදුනෙහි

Poems
බ්ලොක් කළත් මා කුමක් කරම්ද
ඔබට අවැසිම දෙයම නොම වේද

Poems
ලිස්සා වැටෙයි
ඇස් අඳුරේ අතගාන...
ගස්සා බලයි
තිසරුන් යන්නට පීන...
රස්සා කරන්නට බෑ

Poems
සඳ අහස සැරසූ පුන් පෝය දවසකට
ඔබ එක්ක ගිය මතක හිත ඇතුලේ හංගාන
මල් පිපුනු මාවතේ ඈ සුරත පටලන්
පිය මනිමි සොදුරියේ කදුළු කැට හිරකරන්

Poems
තිබිය නොහැකිද ප්රේමයක්
අතින්වත් නොඅල්ලාම
හිත් වලින් විතරක් බැදුණු...
තිබිය නොහැකිද ප්රේමයක්

Poems
දාව මුසාවට
ඉපදෙන සිත් අමුණා ...
පාව සිහින වැස්සක
කවුරුත් තෙමුණා ...
භාව රූප මතුවන
හඬකින් මුමුණා...
මාව උල තියා
ලෝකය සංසිඳුනා...
සාර සොබාවෙන්
සංසාරය තොල ගා...
මාර සෙනඟ හා
ගැලපී දුක උරගා...
වීර විලාසෙන්
ගෙන අසිපත අතගා...
ඝෝර මොහඳුරේ
තරඟෙක මේ තුරඟා...
නෙත් සයුරේ බහා
රූසිරි හැඩැති අඳුන්...
අත් කර ගන්න මතකය
පියඹාවි යොදුන්...
පත් වන සුවඳ
රිදවා පාරද්දි සඳුන්...
මත් වන හීනයයි
ජීවිත නමැති බඳුන් ...
පිහින නෙළුම් මල්
පිබිදිය හැකි විලකි...
පහන නිවන්නද
මත් නෙත් රඟහලකි...
දැහැන දෙතොල්
කියවන්නට පොත් ගුලකි...
සිහින දකින්නට
මේ කය පෙලහරකි...
රැහැන් මුදා
රැහැනට ලොබ සල්පිලකි...
දැහැන් මුදා
මිහිරට ගැයු කවි පෙලකි...
සහන් එළි කුමට
අළු යට ගිණි හුලකි...
සිහින් කෙඳිරියක
සැඟවුණු අත්සනකි...
... ශ්රීමතී වල්පොල ...
Poems
සැනසුමක් තිබුනේම
ඔය පපුව මත්තෙමයි
මගෙ හිතත් සෙව්වේම
දැනුන ඒ හැගුමයි

Poems
කල් මරා අපි මුණ ගැසී
කාලයක් තද ඌ දෙයින්
පිට කරන්නට වෙර අරං
තුරුළු කරගති වල් කමින්

Poems
තරු පිරුණු අහස යට
නෙක රටා වියමන් මැද
අනන්තය වෙත ඇවිද යමු...
මතක පියවර මැන මැන...

Poems

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

Poems
ලේ පැල්ලමක් නැතිව
අතරමං පිරුවටේ...
මධු සමය කටුගෑව
ප්රාණ සම හිමියනේ...

Poems
නෙතු නුබ ගාව
හිදී රාග ගිනි දලුලාන
හතිලෑව උනුහුම්ව
පපුවට තුරුලුවම.

Poems
නෙතු මානෙ මගෙ ඉතින් නැතුවට
ඇස් අස්සෙ හරි ආදරෙන් ____
නිදන් කෙරුවා නුඹේ රූපය
සදහටම බැදි ප්රේමයෙන් ______
වරාවක් සේ ඔහේ ඇදෙනා
පා නොවී සුළගේ ඉතින් ____
හිදින්නම් නුඹ නමින් කැපවී
හුස්ම යනතෙක් ලය දොරින් ____
නකුල මාතා නකුල පිතා
වගේ අපි හරි ආදරෙන් _____
සසර ඉමතෙක් ඇවිදගෙන යමු
බැදී නොවෙනස් පෙම් හුයෙන්
 
-sara sada
Poems
එදා නුඹ මගෙ පුතුගෙ ලේලිය
වෙලා ගේ දොර අඩිය තිබ්බා
සිනා යායක් පිපිලා වාගේ
ගෙදර සිරියා කමින් පිරුණා.............
 
සිවිවසක් මේ ගෙදර ඉදගෙන
නේක දුක් නුඹ දරා ගත්තා
ලේලියක් නොව දුවෙක් වාගෙයි
දෙවියන් ට වැරදිලා හිතුනා.................
 
දුවේ පපුවේ ඇවිලෙනවා ගිණි
වහන් කරගෙන මමත් හිටියා
පුතා ටික ටික වෙනස් වෙන හැටි
උඹ නොවෙයි මේ මාත් දැක්කා................
 
දෙන්නා අතරේ තියන ප්රශ්න ය
විසදේවි මම එහෙම හිතුවා
වදගෑණි දුවණියට කිව්වම
කදුළු මගෙ ඇස් වලින් පැන්නා...............
 
දරාගෙන මම තවත් හිටියට
පුතා කළ කී දේ ද දුටුවා
හංදියේ සුමනගේ කෙලීටත්
මගෙ එක්කාගෙන් ළමෙක් හිටියා...............
 
හැමදාම වගෙ හැංගි හොරහා
යනවා මේ මගෙ ඇසින් දැක්කා
උඹට නොපෙනුන හුගක් දවසට
අප්පා එක්කත් කියා ඇඬුවා....................
 
දවස් යද්දිම උඹට මේ ගැන
තේරුණා මම හොදට දැක්කා
දෑස් අඟකින් කදුළු ගලනවා
පිස පිසම උඹ සිනාසූවා.....................
 
අම්මා අප්පා නුඹේ නැති බව
එදා නුඹ කිය කියා ඇඬුවා
මතකයිද මම අම්මා වෙනවා
දිවුර දිවුරා උඹට කිව්වා....................
 
හැංගි හැංගී ගලන කදුළට
දරුසෙනෙහෙ හැංගිලද හිතුනා
තුරුළු කරගෙන උඹව පපුවට
ඉතින් මම අද නුඹෙ කදුළු පිස්සා................
 
ටික දොහක් පුතු නේනවා දැක
උඹේ දුක මම ඉතින් ගත්තා
දියණියේ මේ හිතම අහපන්
අම්මා හිත නිදහස් කෙරෙව්වා.................
මගේ පුතු ඌ දීග කනවා
වෙනත් ගෙදරක බින්න බැහැලා
ඔහුව අපි හිතින් අතහැර
දියණි නුඹ අපෙ හදට ගත්තා.............
පියෙවෙනා තුරු දෙනෙත් අපගේ
මව්පියන් අපි නුඹව රකිනවා
ඔහු නොවෙයි නුඹ තමයි දියණිය අපෙ
භවෙන් භවයට නුඹ ව පැතුවා....................
 
- B.M.N.බස්නායක
Poems
ඉර හඳ පවා නොපෙනෙන මහ පවුරු මැද
සීතල , අඳුරු , දුක්බර කුටියකට වැද
මේ දඬුවමයි මා කල වරදකට ලද
සිපිරි ගෙදර අම්මේ මම වෙසෙමි අද