අඳුරු වළා ගැබ දෙබෑ කරගෙන
ර්ශ්මි විහිදා සැනසුනී
සීත වතුරට ඝණවු උන් තුඩු
හංසයන් විහිදා උනී
වළා ගැබ'විත් සුපුන් සඳ ගෙන
දෑත වටකොට සඟවා ගතී
එළිය විහිදා බබළ බබළා
ඇතැම් තරු කැට රැස් කතී
අඹර මත හිඳ ලොවක් සනසන
සඳේ එලියට වහ වැටී
දඟලනා බොහො කදෝකිමියන්
ඔල්වරන් දුනි බිම වැටී
ප්රදිප් වර්ණකුලසූරිය