Thursday, September 24, 2026
Follow Us
නුඹෙන් මිදෙන්නෙමි...

විරහවේ ගිනිසිළු මැදින්

හුස්ම පොද අයදින්නෙමි
කුළුඳුලේ බැඳි ප්රේමයන්
එහෙම යැයි හිත හදාගමි

 තියා ගත් මතක සුවඳින්

මිදෙන්නට හිත බර දෙමී
නුඹේ නාමය දැන් ඉතින්
සසරෙනුත් පලවා හරිමි...
 
හසලි සෝමවර්ධන