Friday, August 07, 2026
Follow Us
නුඹ ගිහින් දුර ඈත
පාලුවත් මිහිරීය වැසි වසින සවස් යම
ගීතයත් රසවත්ය ඔබ සමග මා ගැයුව
වැව් ඉමේ හිරු බහින අහස රත් සුයාමෙක
උන්නු හැටි මතකයේ මැවෙයි පෙරදා මෙන්ම

 සීතලෙන් වෙලී අප ගෙවූ හැම තප්පරෙම

පාලුවක් නැතුවාම ගෙවූ අවුරුදු මාස
ලිය ලතා වන් පවා තුටු වූ ව අපේ පෙම
කොහේ කොතැනක ගියා දෝ සැගවීම
ඔබේ සෙනෙහස රැදුන වැව් ඉමේ හැම තැනම
මංමුලාවෙන් වගේ සොයමි මම නුබ කොහෙද
බිදුණු සිත් එක්කරණු නොහැක යළි කිසිදාක
නාවාට කම් නැතේ නුඹ ගිහින් දුර ඈත
 
රශී