Friday, August 07, 2026
Follow Us
වළාකුළු මිතුර
සැහැල්ලුවට පාවී පාවී ඉන්නකොට
කම්මැලි නැද්ද?
හිරු කිරුණ වැදි වැදී තියෙනකොට
රස්නේ නැද්ද?
රෑ අඳුරේ සීතලට තනි වෙවී හිඳින විට
පාළු නැද්ද?
මා මිතුර වළාකුළ හිත හිතා කියනු මැන
ඔබට තවම කවුරුත්ම නැද්ද?
 
- සුරංගි