Monday, June 22, 2026
Follow Us
සියොලඟම දෙදරනා තරමට
නුඹ ඇවිත් සක්මන් කරන සඳ
මහා බරැති අඩි තියා රැයකම
මගේ හදවත හඬයි සසරෙම
 
දෙඅත් එක් කර කියන්නෙමි
හද දෙපළු වූවද කම් නැතී
යනු මැනේ සක්මනට සමු දී
යළි නොඑන බව සපථ වී...
 
✍️හසලි සෝමවර්ධන