Wednesday, January 14, 2026
Follow Us
තනි වූ තරුවක් හඬනවා.
සාගරේ රළ බිඳෙන
තරමට මගේ හදවත
හඬනවා..
රැලි ඇවිත් වෙරළ
සිපගෙන කඳුලු
හිමිකර දුවනවා
පුන්ච් ඔරුවක්
විකල් සයුරේ
තනිය මකමින් ඇදෙනවා
සඳේ තැවරුනු කඳුලු බිඳු
එකිනෙක තරුවෙලා දිලෙනවා
මගෙන් ඈතට ගියත් නුඹ අද
කොහේ හෝ සතුටින් ඉන්නවා
එකම අහසක පෑයු සඳ අද
නුඹට මට පෙනෙනවා
එපා අහඹුවකින්වත් දකින්නට
තනි වූ තරුවක් හඬනවා.