Saturday, January 03, 2026
Follow Us
කලියුගයේ අඹුසැමියෝ
වෙහෙසී හිමිදිරියෙ සිට
දිය කරති ඒ වෙහෙස
මහන්සිය හා කාන්සිය
හවසට ස්වාමිවරු
සිනාසෙමින් තුටින්...
යකුන් බැඳගත් කපුවන් ද පරදන
දහසකුත් වැඩපල ද නිමවා
දරා ගනිති ඒ වෙහෙස
මහන්සිය හා කාන්සිය
බිරින්ඳෑවරු සොම්නසින්
ගතේ වෙහෙසට
කුණුවෙච්ච ගිනිවතුර බොති
දවසෙ වෙහෙසක් නිවාගන්නට
ස්වාමිවරු ඇතැම්
ගතේ වෙහෙසට
කහටවත් නැති උණුවතුර බොති
බිරින්ඳෑවරු ඇතැම්
ඝණ අඳුර මැද දෙසවන් ද පියවා
අයිතීන් ඉල්ලා සටන් වැද
බිරිඳ පෙළනා ස්වාමිවරු වෙත්
අනේ අසරණ බිරින්ඳන්...
ඝණ අඳුර ගෙය වට කරනතුරු
රිදුම්දුන් කය මතකයෙන් නෙරපා
උන්ගෙ අයිතීන් දිනා දෙන්නට
වේදනා සුළඟට අඬගසා දෙති
අනේ අසරණ බිරින්ඳන්....
ප්රදිප් වර්ණකුලසූරිය