කවදාවත් එන්නේ නැති දවස්
ඔව් එහෙම දවස් තියෙනවා
එන්නම කිව්වම බෑ නොකියා
ඔයා ආපු සමහර දවස්..... ඒ දවස් ....
ඔයා එනවා කියලා ආපු දවස් ....ඒ දවස්
දන්නවද පාර දෙපැත්තේ මල් පිපිලා
ඔයා ගාව හැමදාම ආපු සුවද දෙගුණ වෙලා ....
කවදාවත් එන්නේ නැති දවස්
ඔව් එහෙම දවස් තියෙනවා .....
ඔයා එන්න ඉස්සර එනවා කියන්න එපා
මං අතරමං වෙනවා හැංගෙන්න හිතෙනවා
ඔයා එනවා කියලා ආවේ නැති උනාම
පිස්සුවෙන් වගේ ආදරේ වැඩි වෙනවා .....
කවදාවත් එන්නේ නැති දවස්
ඇත්තටම ඒවා මාර මාරම දවස්
ඔයා ඇවිත් ගියපු.... ආයේමත් ආපු....
අද වගේ දවස් .. ඇත්තටම ඒවා මාර දවස් ....
නිර්වාණ...