Saturday, March 21, 2026
Follow Us
පතල්කාරියක් ඇය
 
ලඳ බොලඳ සිරුර තුල
සැඟව ගත් අශ්ව බල
ගෙයි මුල්ලෙ කුස්සියේ
ලිප් බොක්කෙ හිර නොකළ
දුර්මතය මත සැදුනු
සම්මතය දෙකඩ කල
යකඩ ගැහැණියකි ඇය
පතලකට මුදා හල
ඉල්ලමක පස් සමග
ජීවිතය රැඳුන කල
ඒ කෙල්ල දැන් යන්නෙ
අඩි ගණන් දෝන තුල
පාරු ගල මතුපිටින්
මාලාවෙ රැඳුනු කල
උඩින් යන පස් කන්දෙ
බර වැදිල පපුව තුල
දරුවන්ගෙ සැමියෙකුගෙ
කැදැල්ලක් එළිය කල
රැකියාව කුල ගෙදර
සමබරව බද්ධ කල
ගැහැණුන්ට අකැප බිම
කඩඉමක් ලකුණු කල
ඇයයි මුල් නිල් මැණික
රුවන්පුර පතල තුල
 
-ලලිත් ජයකොඩි