ශ්‍රී ලංකා රජය විසින් කෙටි කාලීන ණය පහසුකමක් ලෙස ඉන්දියාවෙන් ලබාගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවීම සඳහා තවත් මාස කිහිපයක සහණකාලයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිටිය ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය මත ඉන්දීය රජය විසින් එම ණය මුදල වහාම ඉල්ලා තිබේ.
73වන නිදහස් දිනය වෙනුවෙන් අද (04) බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී කතෝලික දේව මෙහෙය පවත්වමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසා සිටියේ නිදහසින් පසු රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියෙකු බවට පත් කර රටේ ජනතාව බේදබින්න කිරීමට එදා මෙදා තුර පාලන බලය හිමිවු දේශපාලකයින් සියළු දෙනා වගකිව යුතුබවයි.
The PCR testing for tourists visiting Sri Lanka has been reduced with effect from 2nd February, the Sri Lanka Tourism Promotion Authority (SLTDA) said yesterday.
The players in the Sri Lanka national cricket team have been asked to self-quarantine following a cricketer and the head coach tested positive for COVID-19, the National Operations Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) said.
A total of 129 red notices have been issued through the INTERPOL on Sri Lankan fugitives over various crimes in Sri Lanka, Police Spokesman DIG Ajith Rohana said.
An estimated 1.8 million doses of the Astra Zeneca vaccine is likely to arrive in Sri Lanka by the end of this month under the COVAX facility of the World Health Organization, Dr. Palitha Abeykoon, the WHO Director General’s Special Envoy to coordinate the global response to COVID-19 told Daily Mirror yesterday.
Founder of the Neville Fernando Teaching Hospital – Malabe Dr. Neville Fernando yesterday passed away while receiving treatment for COVID-19.
73 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සිරකරුවන් 146 දෙනෙකුට අද දිනයේදි විශේෂ ජනාධිපති සමාව හිමිවනවා.
මත්පැන් සහ දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කරන බවත් එවැනි ඇබ්බැහියකට ලක්වී සිටින පුද්ගලයෙකුට කොවිඩ් -19 වැළැක්වීමේ එන්නත ලබාදීමෙන් ප්‍රයෝජනයක් නොවන බවත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ සියලුම සේවකයන් සඳහා කොවිඩ් 19 එන්නත් සඳහා අරමුදල් සැපයීමට කර්මාන්තය සුදානම් බවත්, අප්‍රේල් හෝ මැයි මාසය වන විට එම ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වනබවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමාරන් පැවසීය. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද ‘‘කොවිඩ් 19 අර්බුදයේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශය යථා තත්ත්වයට පත් කිරීම’’ යන මාතෘකව යටතේ පැවැති උත්සවයක් අමතමින් සභාපතිවරයා මේ බව කීය.
පෙබරවාරි සිට ජුනි මාසය දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිලස්ථාවරව තබාගැනීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය විසින් ව්‍යාපාරිකයින් සමග ගිවිසුමකට එළඹ තිබේ.
මෙරටින් ඊයේ වාර්තා වු කොරෝනා ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වනවා. කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එම ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 33 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
මෙරටින් ඊයේ දිනයේදී දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාදිතයින් 711 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 236 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 93 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74 දෙනෙකු ද ඊයේ වාර්තා වුණා.
ගාල්ල වරායේ අක්කර හයයි (6) පර්චස් 28 ක භූමි ප්‍රමාණයක් වසර 30 ක කාලයක් සඳහා පෞද්ගලික අංශයකට බදු දීමට සැලසුම් කර තිබේ. ගාල්ල වරායේ රුවල් යාත්‍රා අංගණයේ මෙහෙයුම් සිදු කිරීම සඳහා මෙලෙස වරායේ භූමි ප්‍රමාණයෙන් අක්කර හයයි පර්චස් විසිඅටක කොටසක් පෞද්ගලික අංශයට ලබා දීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉල්ලුම්පත්‍ර කැඳවා ඇත.
ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුකරුවන්ට ගෙවිය යුතුව ඇති ඉතිරි තැන්පතු මුදලින් 50%ක් ගෙවීමේ කටයුතු අද (3 වැනිදා) ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව ආයතනය විසින් මේ වන විට ගෙවා ඇති 30%ක ප්‍රමාණය සහ ශ්‍රී ලංකා රක්ෂණ හා ද්‍රවශීලතා ආධාර’ ක්‍රමය යටතේ ආවරණය වූ රක්ෂණ වන්දි මුදල හැරුණු කොට ඉතිරි තැන්පතු වටිනාකමින් 50%ක් මෙලෙස ගෙවීමට නියමිතය.
කළුගඟේ වැලි කැණීම් බලපත්‍ර කෙටි කාලසීමාවකට කොන්දේසි සහිතව යළි නිකුත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කළුගඟේ වැලි ගොඩ දැමීම හේතුවෙන් ගංගා මෝයේ සිට නාර්තුපාන දක්වා කිලෝමීටර් 14 ක ප්‍රදේශයක වැලි කැණීම් තහනම් කිරීමට භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය ඉකුත්දා පියවර ගෙන තිබුණා.
ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් සමරු උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අන්දමින් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අද (04 වැනිදා) පැවැත්වේ.
විදෙස් රටවලට පලා ගොස් ඒ රටවල සිට මෙරට පාතාල මත් ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් විසි හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් ගත වූ වසර තුළදී ජාත්‍යන්තර රතු නිවේදන (Red Notice) ලබාගෙන ඇත.
Page 463 of 738