Saturday, February 07, 2026
Follow Us
වැඩි නිරෝධායනය කාලයක් රට සිට එන අයට

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීමට අවධානය යොමුව ඇත.

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආර්නල්ඩ් පවසන්නේ පසුගිය දින කිහිපයේ පිටරට සිට පැමිණි වැඩි දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග මෙලෙස ඔවුන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීමට අවධානය යොමුවූ බවයි.

ඊයේ (19 වැනිදා) පෙරවරුවෙන් අවසන් වූ පැය 24 ඇතුළතදී විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් 357 දෙනකුගෙන් 70 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත. එසේම මේ දක්වා විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 3204 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

(Aruna)