මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිලි තොග වෙළඳ මධ්‍යස්ථානයකින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 17 දෙනෙකු හමු වී තිබෙනවා. අදාල වෙළඳසැලේ සේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම වෙළඳසැළට සම්බන්ධ පුද්ගලයන් 46 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.
එහිදී තහවුරු වී තිබෙන්නේ තවත් 16 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි. මේ වනවිට එම පුද්ගලයන්ගේ සමීපතම ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයන් පරීක්ෂණ සඳහා යොමු කිරීමටද තීරණය කර තිබේ.
පසුගිය උත්සව සමයේදී රෙදිපිළි මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් මහරගම පමුණුව ප්‍රදේශය වෙත පැමිණි අතර ඒ හරහා කොවිඩ් පැතිර ඇති බවට දැඩි අවදානමක් මතුව තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ උත්සව සමයේදී බොහෝදෙනා නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීම හේතුවෙන් ඉදිරියේදී අවදානම් තත්වයක් මතුවිය හැකි බවයි.
මේ අතර කොළඹ කෙටුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවකින්ද ඊයේ දිනයේදී ආසාදිතයන් 35 ක් හඳුනාගෙන තිබිණි. ඒ එම බැංකු ශාඛාවේ සේවය කළ පුද්ගලයන් 300 ක් පමණ පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුවයි.
(LNW)