Sunday, July 06, 2025
Follow Us
නව කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක්

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග විශාල කොවිඩ් පොකු මතුවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයට පෙර කොවිඩ් ආසාදිතයින්ගේ යම් අඩුවීමක් පැවැතිය ද නමුත් මේ වන විට නැවත ආසාදිතයින් වාර්තාවීම වැඩි වී ඇති බවයි.

වෛරසය ව්‍යාප්තවීම ක්‍රම ක්‍රමයෙන් වැඩිවන විට නොදැනුවත්වම විශාල පොකුරු ඇති විය හැකි බව ඒ මහතා සදහන් කරයි.

මේ හේතුවෙන් පවතින තත්ත්වය මත ඉතා ප්‍රවේශම් විය යතු බව වෛද්‍යවරයා සදහන් කරයි.

එසේ නොවුනහොත් නැවත වරක් රට තුළ සංචරණ සීමා ඇති කිරීමට සිදුවන බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)