කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පසුව තහවුරු වු හබරාදුව ප්‍රදේශයේ ඇගලුම් සේවිකාවගේ නිවසේ පැවති දානමය පිංකමට වැඩම කළ භික්ෂුන්වහන්සේලා 08 නමක් හා ඇයගේ පළමුපෙළ ආශ්‍රිතයින් 20 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කළ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
කොවිඩ් 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තවත් ප්‍රදේශ දෙකක් අද (25) උදෑසන 6.00 සිට හුදෙකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.
කොවිඩ් ආසාදිත පුද්ගලයන් 724 දෙනෙකු ඊයේ (23) දිනයේ අලුතින් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
පස්සර ජාතික පාසලේ කොරෝනා ආසාදනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ පළමු පෙළ ආශ්‍රිතයන් 300ක් පමණ සිටින බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත. ඇමැතිවරිය පසුගිය දින පහක කාලයේ විවිධ රැස්වීම් සහ සාකච්ඡා කිහිපයකට සහභාගිවී ඇත.
නැගෙනහිර මුහුදේදී අනතුරට පත් සිමෙන්ති ප්‍රවාහන නෞකාවේ බඳ කොටසට හානි සිදුව ඇති බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යොදවා නෞකාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසනවා.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුවේ සභාපති වරාය අමාත්‍යාංශ ලේකම් යු.ඩි.සී ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව අද (25) පස්වන වරටත් රැස්වීමට නියමිත බව වාර්තාවේ.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ තවත් ගුවන් නියමුවෙකුට කොරෝනා ආසාදනයවී තිබේ. මෙම ගුවන් නියමුවා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර PCR පරීක්ෂණය මගින් කොරෝනා ආසාදනයවී ඇති බව සනාථ වී තිබේ. මේ අතර චීනයේ ෂන්හායි නගරයට ගිය ශ්‍රීලංකන් ගුවන් යානයක තවත් ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනයවී ඇති බව එරටදී සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළිවී ඇති අතර ඒ අනුව චීන බලධාරීන් විසින් එරට නීති රීති අනුව විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් එම කාර්ය මණ්ඩල සාමාජිකයා එම ගුවන් යානයෙන්ම නැවත ශ්‍රීලංකාවට එවා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ , මාර්තු මසදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව හෙට (25) දින සිට බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කෙරෙන බවයි.
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙරට බස් රථ කර්මාන්තය මුහුණ පා ඇති ගැටළු වලට විසඳුම් ලබා නොදෙන්නේ නම් මාර්තු 08 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සේවය කරන ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පවසනවා.
අනුරාධපුර දේවානම්පියතිස්සපුර, 295A ග්‍රාම නිලධාරී වසම (තිසාවැව 01 කොටස) මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.
බස්නාහිර පළාතේ පාසැල් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් අද සිට යළි විවෘත කෙරෙනවා. ඒ, මාස 03 කටත් අධික කාලයකට පසුවයි. ඒ අනුව බස්නාහිර පළාතේ පාසැල් 907 ක සිසු දරුවන් 73,319 කට අද සිට පාසැලේ දොර විවෘත වනු ඇති.
The isolation order in several areas in Wellawatte, Nittambuwa and Minuwangoda police areas has been removed from 6 p.m. today, the Government Information Department said.
පවතින තත්ත්වය හමුවේ ලබන මස මැදභාගය වනවිට රටතුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වනුඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවයි.
කොවිඩ් ආසාදිතයකුගෙන් පළමු දින 10 තුළ වයිරසය පැතිරීමේ අවදානම ඉහළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
Nearly 50 priests and Rev. brothers belonging to a Christian denomination in Mattakuliya have undergone PCR tests after some priests were suspected to be COVID 19 positive, Chief Medical Officer Colombo Municipal Council Dr. Ruwan Wijayamuni said..
තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Page 462 of 732