Sunday, July 06, 2025
Follow Us
කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ වාචික දේශන ඉදිරිපත් කිරීම අද දිනයේදිත්

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට අදාළ වැඩිදුර වාචික දේශන අද දිනයේද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කෙරෙනවා.

ඊයේ දිනයේ අතරමැදි පාර්ශවයන්ගේ වාචික දේශන ආරම්භ වුණා. එහිදී ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර, අමාත්‍ය ජි.එල්.පීරිස්, ආර්ථික විශේෂඥයකු වන ලක්ෂ්මන් සිරිවර්ධන සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යන පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පනත් කෙටුම්පතට පක්ෂව එහිදී කරුණු ඉදිරිපත් කළා. අතරමැදි පාර්ශවයන්ගේ වැඩිදුර දේශන අද දින සලකා බැලීමට නියමිතයි. පාර්ශවයන් 11 ක් අතරමැදි පෙත්සම් ගොනු කර තිබෙනවා.

(Neth)