Sunday, July 06, 2025
Follow Us
තරබාරු අයට කොවිඩ් දරුණු වෙයි

කොවිඩ් – 19 වයිරසය වැලඳුණු තරබාරු පුද්ගලයන්ට දරුණු ආසාදන තත්ත්වයන් ඇතිවන බව අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

‘ඩයබෙටිස් කෙයාර්’ (Diabetes Care) සඟරාවේ පළකර ඇති නවතම අධ්‍යයන වාර්තාවක් ඔස්සේ මේ බව අනාවරණය කර ඇත.

තරබාරු පුද්ගලයන්ට කොවිඩ් වයිරසය හේතුවෙන් දරුණු ආසාදන තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වුවත් මරණයට පත්වීමේ වැඩි අවදානමක් පවතින්නේ නැති බව එම වාර්තාවේ සඳහන් වේ.

මෙලෙස දරුණු ආසාදනයන්ට හේතුව වන්නේ තරබාරු පුද්ගලයන්ට සාමාන්‍ය රෝගීන්ට වඩා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වීමත්, එවැනි රෝගීන් සෑමවිටම කඩිනමින් රෝහල් ගත කර කෘත්‍රිමව ඔක්සිජන් ලබාදීමේ පහසුකමක් නොමැති වීමත්ය.

කොවිඩ් – 19 ආසාදනය වූ තරබාරු පුද්ගලයන්ට සාමාන්‍ය රෝගීන්ට වඩා 73% ක් වැඩි ප්‍රතිශතයකින් යාන්ත්‍රික ඔක්සිජන් ආධාරය අවශ්‍ය වේ.

නෙදර්ලන්තයේ රැඩ්බවුඩ් විශ්වවිද්‍යාලය (Radboud) මූලික කරගෙන රටවල් 11 කදී සිදුකළ පර්යේෂණයන්ගේ ප්‍රතිඵල ඇතුළත් කරමින් මෙම අධ්‍යයන වාර්තාව එළිදක්වා ඇත.

අදාළ රටවල රෝහල් 18 ක රෝගීන් 7000 කට අධික සංඛ්‍යාවක් මෙම පර්යේෂණයට සහභාගි වී තිබේ

(Aruna)