Saturday, February 07, 2026
Follow Us
යාපනය පොලිසියේ නිලධාරීන් 20කට කොවිඩ්

යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් 11දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ(21) හඳුනා ගෙන ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීස්වරන් මහතා පවසයි.

මෙම මස 12 වන දා සිට 20 වන දා දක්වා පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතුවල නිරත වූ නිලධාරීන් 9 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී තිබේ.

හඳුනා ගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර ඇති අතර ඔවුන්ගේ වාර්තා අනුව මෙම ආසදිතයින් 11දෙනා හඳුනා ගෙන තිබේ.

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන්ගේ ආශ්‍රිත නිලධාරීන් නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.

(Aruna)