Saturday, February 07, 2026
Follow Us
මධ්‍යම පළාතේ ආසාදිත පිරිස ඉහලට

මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය හා මාතලේ යන දිස්ත්‍රික්ක වලින් නව ආසාදිතයන් 11ක් වාර්තා වී තිබෙන බවත් අද (21) පෙරවරු 6.00 පමණ වන විට ආසාදිතයන් 8058ක් දක්වා ඉහල ගොස් තිබෙන බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එසේම මරණ 84ක ප්‍රමාණයක් මධ්‍යම පළාතෙන් මේ දක්වා වාර්තා වී තබෙන අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් 61ක් , මාතලේ දිස්ත්‍රික්කයෙන් 11ක්,නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 12 ක්, වශයෙන් එම මරණ හඳුනා ගෙන තිබේ.

(Aruna)