Saturday, February 07, 2026
Follow Us
ගම්පහින් අවුරුදු උත්සව පොකුරක්

ගම්පහ දිස්ත්‍රික්කය තුළ (21) දින කොවිඩ් ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.

දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සව දෙකකින් කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් 38 දෙනෙකු හඳුනා ගෙන ඇති බව වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකින් කොවිඩ් ආසාදිතයන් 26 දෙනෙකු ද , රාගම බටුවත්ත ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු උත්සවයකින් තවත් කොවිඩ් ආසාදිතයන් 12 දෙනෙකු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා දෙකකින් කොවිඩ් ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී තිබේ.

(Aruna)