කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද විභාගයට ගැනෙනවා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.
ඊයේ දිනයේදී පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා. අද දිනයේද පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම පෙත්සම් වලට එරෙහිව අතරමැදි පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් පෙත්සම්වලට අදාළ කරුණු දැක්වීමට නියමිතයි.
(Neth)