Sunday, July 06, 2025
Follow Us
රාජ්‍ය බැංකුවේ සේවකයන්ට කොවිඩ් ආවේ ප්‍රධාන කාර්යාලයෙන්

රාජ්‍ය බැංකුවක සේවකයන් හැත්තෑවකට කොවිඩ් වැලඳී ඇත්තේ අලුත් ​අවුරුද්දට ටේලර් යන්ත්‍රවලට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා බැංකුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් පසු බව අනාවරණය වේ.

කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව ඊයේ (20 වැනිදා) පැවසීය.

රුපියල් බිලියන ගණනක මුදලක් මෙම බැංකු මූලස්ථානය මගින් බැංකුවල නියෝජිතයන් කැඳවා ලබා දී ඇත. ඒ අලුත් අවුුරුද්ද වෙනුවෙන් ටෙලර් යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහාය.

ඒ සඳහා පැමිණි රියැදුරන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය වෙත මූලස්ථානයේ කාර්ය මණ්ඩලයෙන් කොවිඩ් ව්‍යාප්ත වන්නට අතැයි දැනට කරන විමර්ශනවලදී සැක පහළව තිබේ.

ඊයේ (20 වැනිදා) වන විට කොග්ගල යුද හමුදා ප්‍රතිකාර මධ්‍යස්ථානයට මෙම බැංකු කාර්ය මන්ඩලයේ 70 දෙනකු ප්‍රතිකාර සඳහා යොමු කර තිබුණි.

අම්බලන්ගොඩ, බදුල්ල ඇතුළු බැංකු ශාඛා කිහිපයකින් මෙම රෝගීන් වාර්තා වී ඇත.

(Aruna)