පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට අදාළ වැඩිදුර වාචික දේශන තුන්වන දිනටත් අද පැවැත්වෙනවා.
ඊයේ දිනයේ පෙත්සම්කාර පාර්ශවයන්ගේ වාචික දේශන අවසන් කෙරුණා. අද අතරමැදි පාර්ශවයන්ගේ වාචික දේශන ආරම්භ කිරීමට නියමිත බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් වලට එරෙහිව පාර්ශවයන් කිහිපයක් අතරමැදි පෙත්සම් ගොනු කර තිබුණා.
අමාත්‍ය ජි.එල්. පීරිස්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා ඇතුළු පාර්ශවයන් රැසක් මෙම පෙත්සම් වලට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමටයි අවසර ඉල්ලා සිටියේ.
(Neth)