කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සදහා පත් කරන සාමාජිකයන්ගෙන් කිහිප දෙනෙකු ශ්‍රී ලාංකිකයන් විය යුතු බවට අවශ්‍ය නම් යෝජනා කිරීමට ජනාධිපති ලේකම්වරයා සූදානම් බව අද ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .
අතරමැදි පාර්ශවයක් වන ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .
ඒ අනුව කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු ශ්‍රී ලාංකිකයන් විය යුතු බවට යෝජනා කිරීමට තම සේවාදායකයා සූදානම් බව රොමේෂ් ද සිල්වා මහතා පවසා සිටියා .
කෙසේවෙතත් එවැනි ආකාරයට සංශෝධනයක් කළ හොත් අනෙක් සියලු සාමාජිකයන් විදේශිකයන් ලෙසට පත් කිරීමට ජනාධිපතිවරයා වෙත අවසර ලබා දීමක් මේ මගින් සිදු වන බව සිල්වා මහතා පවසා සිටියා .
බොහෝ දෙනා මෙම කොමිෂන් සභාවට විදේශිකයන් පත් විය හැකි බවට බිය උපදවන නමුත් නාගරික සංවර්ධන අධිකාරිය හැර අනෙකුත් ඕනෑම කොමිෂන් සභාවකට විදේශිකයන් පත් කිරීමට කිසිදු නෛතික බාධාවක් නොමැති බව රොමේෂ් ද සිල්වා මහතා පවසා සිටියා .
ඒ අනුව මැතිවරණය කොමිෂන් සභාව , රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් කොමිෂන් සභා වලට විදේශිකයන් සාමාජිකයන් ලෙසට පත් කළ හැකි බව සිල්වා මහතා පවසා සිටියා.
මැතකදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙසට ද්විත්ව පුරවැසියෙකු සිටි බවත් මහබැංකුවේ අධිපති ලෙසට සිංගප්පූරු ජාතිකයකු කටයුතු කළ බව ද සිල්වා මහතා පවසා සිටියි .
වරාය නගර ව්‍යාපෘතිය තුලින් සිදු වන්නේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම බවත් මෙවැනි විශේෂ ආර්ථික කලාපයක් ඇති කිරීමට එජාප , සමගි ජනබලවේගය ඇතුළු කිසිදු පෙත්සම්කාර පාර්ශවයක් විරුද්ධ නැති බවත් සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියා .
එම නිසා මෙම පනත් කෙටුම්පතෙහි ඇත්තේ එවැනි කලාපයක් සදහා අවශ්‍ය පහසුකම් සැලැස්වීම බව ඔහු පවසා සිටියා .
වරාය නගර කොමිෂම පත් කිරීම ජනාධිපතිවරයා විසින් ජනතාව විසින් ඔහුට ලබා දී ඇති විධායක බලතල අනූව සිදු කරන බැවින් එහි කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදු නොවන බව රොමේෂ් ද සිල්වා මහතා පවසා සිටියා.
වරාය නගර කොමිසමේ සියලු කටයුතු ජනාධිපතිවරයා විසින් ඔහුට ජනතාව පවරා ඇති විධායක බලතල අනුව සිදු කර ඇති බව සිල්වා මහතා පවසා සිටියා .
කොමිෂමේ සාමාජිකයන් ජනාධිපතිවරයා විසින් පත් කරන බැවින් එම පත් කිරීම් මූලික අයිතිවාසිකම් පෙත්සම් හෝ රිට් පෙත්සම් මගින් අධිකරණයේ දී අභියෝගයට ලක් කළ හැකි බව රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියා .
තවද වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රධාන සැලැස්ම (master plan) අනුමත කිරීමේ බලයද ජනාධිපතිවරයා වෙත හිමි වන බව රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියා .
(Neth)