කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, හොරගස්කැලේ ග්‍රාමයෙහි ආසාදිත 17 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
පසුගිය 16 වන දා එම ග්‍රාමයෙහි පළමු ආසාදිතයා වාර්තා වී තිබෙන අතර අනතුරුව ඔහුගේ ආශ්‍රිතයන් PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමෙන් අනතරුව ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත.
මේ වන විට ගම්මානයේ නිවාස 52ක පුද්ගලයන් 200කට අධික පිරිසක් නිරෝධායනය සඳහා පියවර ගත් බව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. සී. සිංහබාහු මහතා සඳහන් කරයි.
(Aruna)