රාජ්‍ය බැංකු නිලධාරීන් පනස් පස් දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. කොළඹ කොටුව, නාරම්මල, කටුපොත යන ප්‍රදේශවල බැංකු නිලධාරීන් පිරිසකට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.
කොළඹ කොටුව ප්‍රදේශයේ රජයේ බැංකුවක නිලධාරීන් 300කට පමණ කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඉන් 35 කට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ. මේ අතර කටුපොත සහ නාරම්මල රාජ්‍ය බැංකු දෙකක නිලධාරීන් විස්සකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා ඊයේ (19 වැනිදා) සිට එම බැංකු දෙක වසා ඇති බවද පොලිසිය පවසයි.
කෑගල්ල ලංකා බැංකු ප්‍රධාන ශාඛාවේ සේවක මණ්ඩලයේ තිදෙනකු හා එක් අයකුගේ බිරිඳ කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග ප්‍රධාන ශාඛාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයන් 40ක් හා ඔවුන්ගේ පවුල්වල අය ස්වයං නිරෝධායනයට යොමු කළ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ පවසයි.
(Aruna)