උක් කිලෝවක් සඳහා රුපියල් දෙකක මිල වැඩි කිරීමක් ලබානොදෙන්නේ නම් උක් වගාවෙන් ඉවත් වන බව සෙවණගල උක්ගොවීන් පවසනවා.
කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සඳහා අහඹු ලෙස සිදු කෙරෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර තිබෙනවා.
දිවයින පුරා දැනට සිදුකෙරෙන විදුලි කප්පාදුව හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ලවනු ඇති බව ජල සම්පාදන සේවක සංගමයේ සම ලේකම් උපාලි රත්නායක මහතා පවසයි.
ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ”මොඩ් ගොවියා” සහ ”සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළා.
කතරගම කැබිලිත්ත දේවාලය ආශ්‍රිතව ගැවසෙන අලියා දින කිහිපයක සිට රෝගී තත්ත්වයෙන් පසුවන බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා. අලියාගේ ශරීරය තුළ තුවාල දක්නට ලැබෙන බවත්, ඒ හේතුවෙන් අලියා වේදනාවකින් පසුවන බවයි එහිදී වාර්තා වුණේ.
නිරෝගි පුද්ගලයින්ද ඔමික්‍රොන් ආසාදිතයින් විය හැකි බැවින් සියලු ජනතාව සෞඛ්‍ය පුරුදු දැඩිව පිළිපැදිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
මොරටුව කටුබැද්ද මංසන්ධිය ප්‍රදේශයේදී වයස අවුරුදු 13 ක දරුවෙකු පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මතින් ඉදිවන අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ 03 වන කොටස සඳහා විකෘති ආකාරයේ “BOT” කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළඹීමට සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වනවා. එවැනි ගිවිසුමකට එළඹුන හොත් රජයට විශාල පාඩුවක් සිදුවිය හැකි බවයි පෙනී යන්නේ.
Page 306 of 768