අප්‍රිකානු කලාපයේ රටවල් 6 ක සිට පැමිණෙන පුද්ගලයින්ට මෙරටට ඇතුළුවීමට පනවා තිබූ තහනම ඉවත් කළේ කුමන පදනමකින් දැයි මෙතෙක් කරුණු හෙළි නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
නව ලේබලය යටතේ ගෑස් සමාගම් නිකුත් කළ ගෑස් සිලින්ඩර සම්බන්ධ අනතුරු ද මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා.
රටක පෙරගමන්කරුවන් විය යුත්තේ උගතුන්, විද්වතුන් බවත් ඒ වෙනුවට සොල්දාදුවන් රටේ පෙරගමන්කරුවන් කරගත් සමාජයක් කිසිදිනෙක දියුණු වී නොමැති බවත් හිටපු හමුදාපති, ජනරාල් දයා රත්නායක මහතා පවසයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු RWP USP වසර තිස් පහක පමණ සේවා කාලයකින් පසු සේවයෙන් විශ්‍රාම ගියේය. විශ්‍රාම යන විට ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවක මණ්ඩල කටයුතු පිලිබඳව අධ්‍යෂක ජෙනරාල්වරයා ලෙස මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක ලෙසද කටයුතු කරමින් සිටියේය. ඔහු 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ද කලක් කටයුතු කර ඇති අතර යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක් ද දරා ඇත.
දියර පොහොර ඇතුළත් බූලි කිහිපයක් පුපුරා යාම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි ලේකම් ජේ්‍යෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පැවසුවේ අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
No power cuts will be experienced in any part of the country from today, the Ministry of Power and Energy said.
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (11)දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (10) දිනයේදීද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
Page 306 of 732