Wednesday, September 17, 2025
Follow Us
කඩදාසි මිලත් ඉහළට

වෙළෙදපොලේ ඡායා පිටපත් කඩදාසි හිඟයක්


ඩොලර් හිඟය හේතුවෙන් ඡායා පිටපත් ලබාගැනීම සඳහා යොදාගන්නා කඩදාසි දැඩි හිඟයක් ඇතිව තිබේ.

මෙම තත්ත්වයත් සමග කඩදාසි බණ්ඩලයක් සියයට 150 කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙදපොළන් වාර්තා වේ.

ඒ අනුව රුපියල් 500 ත් 600 ත් අතර මිලක පැවැති ඡායා පිටපත් කඩදාසි බණ්ඩයක් මේ වන විට රුපියල් 1200 ත් 1500 ත් අතර මිලකට අළෙවි වේ.
ඡායා පිටපත් කඩදාසි නොමැතිවීමෙන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කටයුතුවලට බාධා ඇති වී තිබේ.

ඒ හේතුවෙන් ඇතැම් ලිපි ලේඛණ කටයුතු ඇනහිට ඇති බව‌ට ද තොරතුරු වාර්තා වේ.

(Aruna)