Thursday, January 01, 2026
Follow Us
CTB යෙන් ඉන්ධන බෙදාහැරීම ගැන පෞද්ගලික බස් සංගම් අසතුටෙන්

පෞද්ගලික බස්රථ සඳහා ලංගම ඩිපෝවලට අයත් පිරවුම්හල් මඟින් ඩීසල් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වීමේදී ඊයේ ගැටලු ඇතිවූ බව පෞද්ගලික බස් හිමියන් පවසනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේ දිනයේ ඩිපෝ වෙත ගිය ඇතැම් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලැබී නොමැති බවයි.

සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් පැවසුවේ සියලුම ඩිපෝවල පිරවුම්හල් මඟින් පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාදීමට කටයුතු කළහොත් එම වැඩපිළිවෙල සාර්ථක කරගත හැකි බවයි.

(Neth)