Monday, July 07, 2025
Follow Us
ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ව පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් පවතින අතර, දිවයිනේ කාලගුණය කෙරෙහි එහි බලපෑම අවම වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.

එමෙන්ම මධ්‍යම, සබරගමු සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනු ඇති.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව වාර්තා වේ.

(Aruna)