මෙරට ඕනෑම පුරවැසියකුට කිසිදු ගෙවීමකින් තොරව වරාය නගරයට ඇතුළු විය හැකි බව වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම පවසනවා. වරාය නගරයේ ආයෝජනය කිරිමටද, ඕනෑම වෙළෙද සැලකින් භාණ්ඩ මිලදී ගැනීමටද ජනතාවට අවස්ථාව පවතින බවයි ඔහු පැවසුවේ.
මුදල් විශුද්ධීකරණයට කොළඹ වරාය නගරයේ දී කිසිදු ඉඩක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
වරාය නගරයේ මූලික භෞතික ඉදිකිරීම් මේ වසර අවසානය වන විට නිමා කර පළමු අදියරේ වැඩ කටයුතු කිරීමේ හැකියාව ඇති බවත්, මේ වන විට මූල්‍ය කළමණාකරණය, බැංකු කටයුතු, ආයෝජන ලියාපදිංචි කිරීම් සහ අදාළ නිති රෙගුලාසි සම්පූර්ණ කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.
(Neth)