Thursday, January 01, 2026
Follow Us
මද්දු ගේ පහරදීමෙන් ඇත්ගොව්වාට බරපතල තුවාල

කතරගම දේවාලයේ මද්දු නැමති අලියා සිදුකළ පහරදීමකින් ඔහුට රැකවරණය ලබාදුන් ඇත්ගොව්වා බරපතල තුවාල ලබා තිබෙනවා. දේවාල භූමියේ අලිවාඩිය සීමාවේදී මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ 52 හැවිරිදි කතරගම ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

තුවාල ලැබූ ඔහු කතරගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහරේහල වෙත මාරු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මද කිපී ගස්බැද සිටි මද්දු අලියා මීට දින කිහිපයකට පෙර ලිහා ඇත්තේ මාස 4 කට පසුවයි.

මද්දු අලියා මීට පෙර අවස්ථා 3 කදී සිදුකළ පහරදීමේ හේතුවෙන් ඇත්ගොව්වන් තිදෙනෙකු මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

(Neth)