Thursday, January 01, 2026
Follow Us
පෞද්ගලික බස් වලට තෙල් ලබාගත හැකි ස්ථාන මෙන්න

බස්වල ඉන්ධන ගැටලුවට ඇමතිගෙන් පිළිතුරු


ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 45ක් හරහා අද (5) උදෑසන සිට පෞද්ගලික බස් රථ සඳහා ද ඩීසල් නිකුත් කිරීම ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව, රට පුරා පළාත තුළ ධාවනය වන බස් රථ සඳහා ලීටර් 100ක් ද පළාත් අතර ධාවනය වන බස් රථ සඳහා ලීටර් 150ක් ද බැගින් ඉන්ධන නිකුත් කිරීමට උපදෙස් ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දැනට ලංගම ඩිපෝ 45ක ආරම්භ වූ මෙම වැඩපිළිවෙල ඉදිරියේදී අනෙක් ඩිපෝවල ද ආරම්භ කරන බව ය.

එබැවින් පෝලිම්වල නොසිට ලංගම ඩිපෝ වෙත පැමිණ අවශ්‍ය ඉන්ධන ලබාගන්නා ලෙස පෞද්ගලික බස් රථ රියැදුරන්ට ආරාධනා කරන බව අමාත්‍යවරයා පැවසීය.

(Aruna)