Monday, July 07, 2025
Follow Us
ප්‍රදේශ කිහිපයකට වැසි

කාලගුණයේ වෙනසක්


නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් බවට දුර්වලවී ඊයේ (05) පස්වරු 11.30 වන විට කන්කසන්තුරය වෙරළට කි.මී. 320 ක් ඊසාන දෙසින් ස්ථානගතව පැවතුන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ නිරිත දෙසට, උතුරු තමිල්නාඩු වෙරළ වෙත ගමන් කරමින් ක්‍රමයෙන් අඩු පීඩන කලාපයක් බවට දුර්වල වනු ඇති බව අපේක්ෂා කරයි.

උතුරු පළාතේ විටින් විට වැසි ඇතිවේ.උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.ඌව සහ දකුණු පළාත් වලත් රත්නපුරය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති.

උතුරු පළාතේ සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 දක්වා වැඩි විය හැක.

(Aruna)