Wednesday, September 17, 2025
Follow Us
නැදුන්ගමුවේ හස්ති රාජයා දැයෙන් සමුගනී

අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු කියයි


දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යය ඇතුළු ප්‍රධාන පෙරහැර මංගල්‍යයන්හි කරඬුව වැඩම කර වූ නැදුන්ගමුවේ හස්තියා මියගිය බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ පවසයි.

දියවඩන නිලමේ පැවසුවේ අද (07) පෙරවරුවේ දී හස්ති රාජයා මියගිය බවයි.

මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළේය.

මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.

(Aruna)