මෙරට ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල විසින් නිකුත් කළ වාර්තාව පිළිගත නොහැකි බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය ද පවසනවා. එහි සභාපති වෛද්‍ය පී හේවාගමගේ සඳහන් කළේ යම් සංවිධානයක් එවැනි වාර්තාවක් නිකුත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමෙන් යම් කිසි සමීක්ෂණයක් සිදුකළ යුතු බවයි.
වැලිගම නගර සභාවට අයත් උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට අනවසරයෙන් ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනෙකු දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා රක්‍ෂක අධිකාරියේ අවධානය යොමුවී තිබෙනවා.
අධිකරණයට ඉදිරිපත් කෙරුණු රංගන ශිල්පිනී දමිතා අබේරත්න ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
සිමෙන්ති අතිරික්තයක් මෙරට තුළ පවතිද්දී ද සිමෙන්ති ආනයනය කිරීමට රජය අවස්ථාව ලබාදී ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනආරච්චි පැවසුවේ සිමෙන්ති මාෆියාවක් රට තුළ ක්‍රියාත්මක වීම හේතුවෙන් එලෙස සිමෙන්ති ආනයනය කරන බවයි.
Page 208 of 756