යෝජිත විකාශන අධිකාරි පනත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කඩිනමින් අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මහකන්නයේ බඩඉරිගු වගාව සදහා අවශ්‍ය යූරියා පොහොර බෙදාහැරීම මේවනවිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මොණරාගල, කුරුණෑගල හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුනට යූරියා මෙට්ට්‍රික් ටොන් එක්ලක්ෂ 75,000ක් නිකුත් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොකිරීම නිසා දුම්රිය මගීන් දැඩි අපහසුතාවන්ට ලක්වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
අද දිනය තුළ ඉන්ධන ඇණවුම් කිරීමෙන් ඉවත් වීමට ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න පැවසුවේ ඛණිජ තෙල් බෙදුම්කරුවන් වෙත ගෙවා ඇති කොමිස් මුදලෙන් සියයට 45ක් පමණ මාසික පරිහරණ ගාස්තුව ලෙස නැවත අය කිරීමට එරෙහිව තෙල් සංගමය මෙම තීරණය ගෙන ඇති බවයි.
ලබන බදාදා (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නැවත වතාවක් අඩුකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
මෙම මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ බද්ධ හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.
Page 207 of 768