Thursday, February 19, 2026
Follow Us
විරෝධතාකරුවන්යළි ගාලු මුවදොරට

කොළඹ උණුසුම්


ගාලු මුවදොර ඉදිරිපිට නීතිඥයින් පිරිසක් සහ වෘත්තීය සමිති එක්ව අද (10) දහවල් සිට සාමකාමී විරෝධයක් පැවැත්විය.

පසුව විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාල දෙසට ගමන් කිරීමත් සමග පොලීසිය විසින් එම මාර්ගය අවහිර කිරීමට කටයුතු කර තිබේ.

එහිදී විරෝධතාකරුවන් පවසා ඇත්තේ අදාළ විරෝධතාවයට පොලීසියෙන් අවසර ලබාගත් බවය.

එම අවස්ථාවේ දී පොලීසිය සමග බහින්බස්වීමක් ද ඇති වූ බව අප වාර්තාකරු පැවසීය.

කෙසේවෙතත් මේ වනවිට මාර්ගය විවෘත කර ඇති බව ද වාර්තා වේ.

Aruna