Thursday, February 19, 2026
Follow Us
හිරේ ගියත් තිළිණි වැඩ

බන්ධනාගාර නිලධාරීන් කළ සොයාගැනීම


මුදල් වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තිළිණි ප්‍රියමාලි සතුව තිබී ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

එය අද (10) පෙරවරුවේ සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසීය.

ව්‍යාපාරිකයින් සහ ප්‍රභූවරුන්ගේ මුදල් වංචා සහගත ලෙස ලබාගැනීමේ චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලි පසුගිය 06 වනදා කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Aruna