Friday, April 10, 2026
Follow Us
දිවයින පුරා ප්‍රදේශ රැසක අදත් වැසි

දිවයින පුරා අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු පිළිබද සැලකිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Neth