Thursday, February 19, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයකට තද වැසි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වයුගෝලීය තත්ත්වයක් පවතීන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Aruna