Thursday, April 25, 2024
Follow Us
විශ්වවිද්‍යාල සිසුන්ට ලැබෙන රැකියා මෙන්න

පේරාදෙණිය සරසවියෙන් සිසුන් 300කට රැකියා


විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දී සිටින ආර්ථික අපහසුතාවන් මගහැරවීමේ අරමුණ ඇතිව අඩු ආදායම් සහිත පවුල්වලට අයත් තෝරාගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 300 කට එම විශ්වවිද්‍යාලය තුළම අර්ධකාලීන රැකියා අවස්ථා උදාකර දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

මේ අනුව ඉකුත් මස 14 සිට මේ වනවිට සිසුන් 200 ක් දෙනා විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු අනුව අර්ධකාලීන රැකියා සඳහා බඳවාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ ‘අරුණ’ ට සඳහන් කළේය.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ආරම්භ කර ඇති මෙම නියමු ව්‍යාපෘතිය මගින් අඩු ආදායම් සහිත පවුල්වල දරුවන්ට අධ්‍යාපන කටයුතු කරන අතරේ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව සැලසී ඇති බවද උපකුලපතිවරයා සඳහන් කළේය.

මෙම වැඩ පිළිවෙළට ශිෂ්‍ය සංගම්වල හා විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේද සහයෝගය ලැබී ඇති බවත් රැකියා අවස්ථා ලබාගැනීමට සුදුස්සන් තෝරාගැනීම ඒ ඒ පීඨාධිපතිවරු හා අංශ ප්‍රධානීන් මගින් සිදු කරන බවත් උපකුලපතිවරයා කීවේය.

Aruna