Saturday, September 30, 2023
Follow Us
ඩොලර්වලට වැඩි ගාණක් දෙන බ්ලැක් මාර්කට් යළි හිස ඔසවයි

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ මෙරටට ලැබීමේ ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එල් ආර් සී පද්බේරිය සඳහන් කළේ මෙම තත්ත්වය ඉදිරියේදී තවත් සුබදායක වනු ඇති බවයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ මෙරටට ලැබීමේ ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කළද ඩොලර්වලට වැඩි මුදලක් ගෙවන කලුකඩ ජාවාරමේ වැඩිවීමක් ද නිරීක්ෂණය වී ඇති බවයි.

සැපයුම් අංශයේ අපේක්ෂිත වැඩිදියුණුවීම් මෙන්ම අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුවීම තුළින් ලබන වසරේ රටේ ආර්ථික ක්‍රියාකාරකම් යහපත් වනු ඇති බවටයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරන්නේ.

Neth